මෙහි පළමු සැකකරු වන ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් රුපියල් ලක්ෂ 100 බැගින් ශරීර ඇප 2ක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කළා.
සිද්ධියට අදාල නඩුව අද (07) කැඳවු අවස්ථාවේදි අල්ලස් කොමිසම විසින් කරනු ලැබූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය මෙලෙස නියෝග කළා.
අද (07) පෙරවරුවේ අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් යන අය අද සවස 5.00ට පමණ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එනු ලැබුවා.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම සඳහන් කළේ මෙම සිද්ධියට අදාල පළමුවැනි සැකකරු ලෙස ප්‍රදීප් ගාමිණී සුරාජ් කාරියවසම් සහ දෙවැනි සැකකාරිය ලෙස ශිරන්ති රාජපක්ෂ යන අය නම් කර ඇති බවයි.
සිද්ධියට අදාලව කරුණු ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම වෙනුවෙන් සහකාර අධ්‍යක්ෂක නිති යස්මදා ලොකුනාරාගොඩ මෙසේ සඳහන් කළා.
“ස්වාමිනී, ඉකුත් 2015 වසරේ ලද පැමිණිල්ලකට අදාලව විමර්ශනය ආරම්භ කළා. මෙම සිද්ධියේ පළමු සැකකරු කොළඹ 10, සුදුවැල්ල මහජන බැංකුවට සිරිලිය ගිණුමට අදාලව NSB බැංකුවෙන් රුපියල් මිලියන 10 ක් ගිණුම් ගත කරලා තියෙනවා. නිසික්‍රමවේදයෙන් තොරව තමයි එම මුදල ලබා දිලා තියෙන්නේ. එම සැකකරු එවකට NSB සභාපති ලෙස සේවය කළා. සාමාන්‍යනේ බැංකුවකින් මුදල් ලබා දිය යුත්තේ එම කාර්යය ඉටු වු පසුයි. මොහු කලින්ම මුදල් දිලා. ඒ ගැන අධ්‍යක්ෂකවරයාගෙන් ප්‍රකාශ ලබා ගත්තා. ඒ අනුව මෙම සැකකරු අල්ලස් පනතේ 70 වගන්තිය යටතේ ‘දූෂණය’ නම් වරද සිදුකර තිබෙනවා. මෙම සිද්ධියට මුදල් ලබා දි තිබෙන්නේ කිසියම් බලපැමක් මත බව පැහැදිලියි. රුපියල් මිලියන 10ක් විතරක් නෙවෙයි මෙම සිරිලිය ගිණුමට පෞද්ගලික,රාජ්‍ය ආයතනවලින් පවා ආධාර ලබාදී තිබෙනවා.
මෙම සිද්ධියේ දෙවන සැකකාරිය විසින් පළමු සැකකරුට අනුබල දි මෙම සිරිලිය ගිණුමට මුදල් ලබාගෙන. ඒ සදහා ආධාර අනුබල දිලා. ඒ අනුව ශිරන්ති රාජපක්ෂට පොදු දේපල පනත යටතේ අත්අඩංගුට ගත්තා.
ටොමෝග්‍රැෆි ස්කෑනර් (CT ස්කෑන්) යන්ත්‍රයක් ලබා ගන්න තමයි ස්වාමීනි, NSB බැංකුවෙන් මුදල් ලබා ගෙන තිබෙන්නේ. එම මුදල් ඇය පෞද්ගලිකව භාවිතා කරලා.
එම නිසා විමර්ශන අවසන් වන තෙක් රක්ෂිතබන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලනවා.
ටොමෝග්‍රැෆි ස්කෑනර් (CT ස්කෑන්) යන්ත්‍රයක් ඉල්ලලා රිජ්වේ රෝහල ඉල්ලිමක් කර නැහැ. ඒ වන විටත් එවැනි එකක් එහි තිබිලා. ඒ බව අධ්‍යක්ෂකවරුන්ගේ ලබාගත් ප්‍රකාශ අනුව පැහැදිලි වෙනවා.
'සිරිලිය සවිය' සංවිධානය හරහා රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත පරිගණකගත ටොමෝග්‍රැෆි ස්කෑනර් (CT ස්කෑන්) යන්ත්‍රයක් ලබාදෙන බව පවසමින්, ඒ සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් රුපියල් මිලියන 10ක (රු. 10,000,000/-) මුදලක් ලබාගෙන එම මුදලින් අදාළ යන්ත්‍රය ලබා නොදී රජයේ මුදල් සාපරාධී සාවද්‍ය ලෙස පරිහරණය කිරීමෙන් ‘දූෂණය’ නමැති වරද සිදුකිරීම හා පොදු දේපළ පනත යටතේ වන වැරදි සිදුකිරීමේ චෝදනාව මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි අල්ලස් කොමිසම සඳහන් කර තිබුණේ.