ඇයගේ රංගන හැකියාවට වගේම ඇයගේ ඒ හුරුබුහුටි, සුරූපී පෙනුමට ආදරය කරන විශාල ප්‍රේක්ෂක පිරිසක් ලංකාවේ ඉන්නවා.
නිතරම සමාජ මාධ්‍ය හරහා තමන්ගේ රසිකයන් එක්ක සම්බන්ධ වෙන ශෙහානි, පසුගියදා ඇයගේ ෆේස්බුක් ගිණුමට හරිම ආකර්ශනීය වගේම තරමක් සරාගී පෙනුමක් තියෙන ඡායාරූප පෙළක් එක් කරලා තිබුණා. වෙනදා දකින හුරුබුහුටි පෙනුමට වඩා වෙනස්ම විදිහේ Bold සහ Confident පෙනුමක් මේ ඡායාරූපවලින් දැකගන්න පුළුවන්.
මේ සුරූපී ඡායාරූප පෙළට ඇය අපූරු සටහනකුත් එක් කරලා තිබුණේ මෙන්න මේ විදිහටයි.
"Making hard look easy. That’s the real flex " (අමාරු දේවල් ලේසියෙන් කරනවා වගේ පෙන්වන එක තමයි නියම හැකියාව/ගැම්ම)
ඇයගේ මේ ආත්ම විශ්වාසයෙන් පිරුණු කැප්ෂන් එකත්, ඇස් නතර වෙන තරමේ සරාගී පෙනුමත් එක්ක මේ වෙද්දිත් අන්තර්ජාලය පුරා මේ ෆොටෝස් ටික නම් වයිරල් වෙමින් පවතිනවා. කමෙන්ට් තීරුව පුරාම රසිකයින්ගෙන් ලැබෙන්නේ නම් පිස්සු හැදෙන ප්‍රතිචාර!