ලෝක ගුරු දිනයට සමගාමීව, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ප්‍රථම වරට සංවිධානය කරන ලද "ගුරු ප්‍රතිභා ප්‍රභා - 2026" ජාතික ගුරු හා විදුහල්පති ඇගයීම් උළෙල ඊයේ (ඔක්තෝබර් 06) කොළඹ ආනන්ද විද්‍යාලයේ කුලරත්න ශාලාවේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා.
ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අභිමානවත් උත්සවයට අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා ඇතුළු සම්භාවනීය නිලධාරීන් රැසක් සහභාගී වී සිටියා. දිවයින පුරා අධ්‍යාපන කලාප 62 ක් ආවරණය වන පරිදි, පන්ති කාමරයේ ඉගෙනුම් ක්‍රියාවලිය විප්ලවීය ලෙස වෙනස් කරමින් සිසුන්ගේ සමස්ත ප්‍රගතිය වෙනුවෙන් කැපවූ විශිෂ්ටයින් ඇගයීම මෙහි ප්‍රධාන අරමුණ වුණා.
එහිදී සමස්ත ලංකාවේම අවධානය දිනාගනිමින් රංගිරි දඹුලු විද්‍යාලය වෙත විශිෂ්ට ජයග්‍රහණ දෙකක් හිමිවූ අතර, ඉන් වඩාත්ම සංවේදී සහ අභිමානවත් ජයග්‍රහණය වූයේ "වසරේ හොඳම විදුහල්පති සම්මානය" හිමිවීමයි.
ඒ සම්මානය හිමිවූයේ වෙන කාටවත් නෙමෙයි... අප අතරින් හදිසියේම සදහටම සමුගත්, නමුත් රංගිරි දඹුලු විද්‍යාලය වෙනුවෙන් නොමැකෙන මෙහෙවරක් ඉටු කළ හිටපු විදුහල්පති ගරු W. M. J. B. විජේසිංහ මැතිතුමා වෙතයි...
තමන්ගේ මුළු ශ්‍රමයත්, කාලයත් පාසලේ සහ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කැප කළ ඒ උතුම් විදුහල්පතිතුමා අද භෞතිකව අප අතර නැතත්, එතුමා තැබූ දැක්ම සහ කළ අසමසම මෙහෙවර අද මුළු රටම පිළිගෙන හමාරයි. සම්මානය ප්‍රකාශයට පත් කළ මොහොතේ මුළු සභාවේම නෙතඟට කඳුළක් උනූ අතර, ඒ ගෞරවය හමුවේ මුළු රංගිරි දඹුලු විද්‍යාලයම අද අභිමානයෙන් හිස ඔසවා සිටිනවා.