කාලයක් තිස්සේ කලා ක්ෂේත්රයේ කාර්යබහුල වෙලා හිටපු ලෝචනා, සමාජ මාධ්‍ය හරහාත් නිතරම රසිකයන් එක්ක සමීපව අදහස් හුවමාරු කරගන්න චරිතයක්. මේ දවස්වල ඇය සිංගප්පූරුවේ කරපු සංචාරයක අලුත්ම මතක සටහන් පෙළක් ඇගේ ෆේස්බුක් ගිණුමට එකතු කරලා තියෙනවා දැකගන්න ලැබුණා.
විශේෂයෙන්ම ලෝක ප්‍රසිද්ධ 'මැඩම් ටුසෝ' ඉටි රූ කෞතුකාගාරයේ සංචාරය කරමින් ගත්තු හරිම අපූරු ඡායාරූප පෙළක් තමයි ඇය මෙලෙස පළ කර තිබුණේ. ලෝක ප්‍රකට චරිතවල ජීවමාන ප්‍රමාණයේ ඉටි පිළිම සමඟ හරිම හැඩකාර විලාසිතාවලින් පෙනී ඉන්න ලෝචනා, ඒ ඡායාරූප සමඟ අපූරු සටහනකුත් තබා තිබුණා.
මැඩම් ටුසෝ සිංගප්පූරුව. පුරාවෘත්ත සැබෑවක් බවට පත්වන ලෝකයකට පියනැගීමක්...
ලෝකයේ දැවැන්තම තරු පිරිවරාගෙන, වෙනස්ම වයිබ් එකකින් ගත්තු මේ අපූරු ඡායාරූප පෙළ දුටු රසිකයන්ගෙන් ඇයට විශාල ආදරයක් සහ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. දවසින් දවස තවත් හැඩවෙන ලෝචනාගේ මේ සිංගප්පූරු සවාරිය නම් ඇත්තටම වෙනස්ම අත්දැකීමක් වුණු බව බැලූ බැල්මටම පේනවා!