Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්




Hiru News Advertisement Hiru News Advertisement
Oct
06
රෝසවලින් හදවත සුවපත් කරලා කුරුලෑත් මකමු! ලෙඩ සුවකරගන්න ආයුර්වේදයෙන් කියන මල් රහස් මෙන්න!

- රෝසවලින් හදවත සුවපත් කරලා කුරුලෑත් මකමු! ලෙඩ සුවකරගන්න ආයුර්වේදයෙන් කියන මල් රහස් මෙන්න!Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2 Views

මල් කියන්නේ ඉතින් ගෙවත්ත ලස්සන කරන්න විතරක් තියෙන ජාතියක් කියලනේ ගොඩක් අය හිතාගෙන ඉන්නේ. 


හැබැයි මේ මල්වලින් අපේ ඇඟට වෙන සුපිරිම වාසි ටිකක් ගැන ආයුර්වේද වෛද්‍ය එෆ්. ශානියා සහමා මහත්මිය අපූරු රහස් ටිකක් හෙළි කරලා තියෙනවා. ලස්සන වෙන එකේ ඉඳන් අර්ශස්, පිළිකා, දියවැඩියාව වගේ ලෙඩ ගොඩකට බෙහෙත් තියෙන්නේ අපේ මල් වත්තේමයි. හැබැයි ඉතින් මේ දේවල් අත් බෙහෙත් විදිහට පාවිච්චි කළාට වෛද්‍ය උපදෙස් ගන්න එක තමයි වඩාත් හොඳ. බලමුකො මේ මල්වලින් අපිට තියෙන වාසි මොනවද කියලා.

රෝසවලින් හදවත සුවපත් කරලා කුරුලෑත් නැති කරමු!
රෝස මල් කියන්නේ රූපලාවණ්‍ය වැඩවලට නම් කියාපු භාණ්ඩයක්නේ. වියළපු හරි අමු රෝස මල් හරි රැයක් වතුරේ පෙඟෙන්න තියලා ඒ වතුර බිව්වොත් ඇඟට මාරම සිසිලසක් එනවා. හෘද රෝගවලටත් හොඳයිලු. කුරුලෑ වදෙන් බේරෙන්න, ලේ පිරිසිදු කරලා සමේ රෝග දුරු කරන්නත් රෝස මල්වලට පුළුවන්.

නහර ගැටගැසෙන අයට දාස්පෙතියා මලෙන් සුපිරි වැඩක්!
බොහෝ දෙනෙක්ට තියෙන වදයක් තමයි නහර ගැටගැසීම. දාස්පෙතියා නැත්නම් බුද්ධ මල් තම්බපු වතුරෙන් කකුල් තැව්වොත් මේකට ලොකු සහනයක් ගන්න පුළුවන්. ඒ වගේම දාස්පෙතියා මල් ගිතෙල් එක්ක අඹරලා නහර ගැටගැහිලා තියෙන තැන්වල ගාන්නත් පුළුවන්. ඇහේ නගන ආවම දාස්පෙතියා මල් දාපු වතුරෙන් තැව්වාමත් සුවයක් ලැබෙනවා. කොණ්ඩෙයි මූණයි හෝදන්නත් මේ වතුර මාරම ගුණයි.

කාන්තාවන්ගේ ලොකුම ප්‍රශ්නෙට කෙසෙල් මලෙන් විසඳුමක්!
කෙසෙල් මල් ග්‍රෑම් 100ක යකඩ මිලිග්‍රෑම් 56ක්ම තියෙනවා කිව්වොත් විශ්වාස කරනවද? ඒ විතරක් නෙවෙයි පොටෑසියම්, කැල්සියම්, සින්ක් වගේ ගොඩක් දේවල් මේකෙ තියෙනවා. තන්තු ගොඩක් තියෙන නිසා මළබද්ධයටත් නියමයි. දියවැඩියාව, තරබාරුව, මානසික අවපීඩනය, පිළිකා විතරක් නෙවෙයි කාන්තාවන්ට ඔසප් කාලයේ එන වේදනාව නැති කරන්නත් කෙසෙල් මල් මාරම ගුණයිලු. ගර්භණී සහ කිරි දෙන අම්මලාටත් මේක සුපිරි කෑමක්.

පිළිකා නසන කතුරුමුරුංගා සහ බඩගින්න වඩන සියඹලා මල්!
කතුරුමුරුංගා මල්වල පිළිකා මර්දන ගුණය වගේම යකඩ, කැල්සියම් සහ විටමින් වර්ගත් ගොඩක් තියෙනවා. පණු රෝග, ඇස්වල රෝග, ස්වසන රෝගවලට වගේම උගුර වන වෙන එකටත් ඇඟේ උෂ්ණෙටත් කතුරුමුරුංගා මල් හොඳ ඔසුවක්. අනිත් පැත්තෙන් සියඹලා මල් ව්‍යංජනයක් විදිහට කෑවාම කෑම රුචිය වැඩිවෙලා කෑම දිරවන්නත් ලේසි වෙනවා. අර්ශස්, අතීසාරය, මළබද්ධය වගේ දේවලටත් සියඹලා මල් හොඳයි.

සුදු වෙලා ලස්සන වෙන්න අශෝකයි නෙළුමුයි!
සම පැහැපත් කරගන්න අශෝක මල්, වෙනිවැල්ගැට, සුදු හඳුන් එක්ක අඹරලා ගෑවාම සුපිරි ප්‍රතිඵල ගන්න පුළුවන්. කාන්තා රෝගවලට වගේම පොඩි ළමයි නාවන්නත් අශෝක මල් පාවිච්චි කරනවා. නෙළුම් මල් පෙති යුෂ පාවිච්චි කළාම සම රැළි වැටෙන එක අඩුවෙලා සමට තෙතමනයක් ලැබෙනවා වගේම හිසකෙස් රෝගවලටත් ගුණදායකයි.

අර්ශස්වලටයි තුවාලවලටයි මලිත මල සහ පින්න මල!
ආයුර්වේදයේ කසාය, අරිෂ්ඨ වගේ දේවල් කල් තියාගන්න පාවිච්චි කරන මලිත මල් වේළලා කුඩු කරලා මී පැණි එක්ක කෑවොත් අර්ශස්වලටයි අතීසාරයටයි ගුණයි. පිළිස්සුම් තුවාලවලට මලිත මල් කුඩු තල තෙල් එක්ක ගාන්නත් පුළුවන්. ඒ වගේම පින්න මල්, ඉබිකටු, මොනරපිල්, උණලී කුඩු එක්ක දාලා දුම් ඇල්ලුවාමත් අර්ශස් ගෙඩි සුව වෙනවාලු.

ඉතින් බලන්නකො, ගෙවත්තේ නිකම්ම පිපිලා පරවෙලා යන මල් ටිකෙන් අපේ ලෙඩ කීයක් නම් හොඳ කරගන්න පුළුවන්ද කියලා. ඔයාලත් මේ දේවල් අත්බෙහෙත් විදිහට පාවිච්චි කරලා බලන්න, හැබැයි කිසිම දෙයක් කරන්න කලින් වෛද්‍ය උපදෙස් ගන්න එකත් අමතක කරන්න එපා!
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins
-->



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top