මේ අතරේ දුෂ්යන්ත් වීරමන්ගේ රසිකයින්ට නම් නියම සතුටු දායක ආරංචියක් වාර්තා වෙනවා. ඒ තමයි අවුරුදු 18ක් තිස්සේ දුෂ්යන්ත්ගේ හඬින් රසිකයන්ව පිනවපු "නෙළුම් විලෙන් පැන" සින්දුව ආයෙමත් කිසිම බාධාවක් නැතුව ප්රසංග වේදිකාවේ ගායනා කරන්න දුෂ්යන්ත්ට නිත්යානුකූලවම අවස්ථාව ලැබිලා තියෙන එක!
කාලයක් තිස්සේ අපේ රටේ අතිශය ජනප්රිය වෙලා තිබුණු මේ සින්දුව දුෂ්යන්ත්ට දේශීය හෝ විදේශීය වේදිකාවල කියන්න බැරි වෙන්න හරිත රවිහංස බණ්ඩාර වැටකේපොත කියන පාර්ශවය විසින් වාරණ නියෝගයක් අරගෙන තිබුණා. හැබැයි කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු අමාලි රණවිර මහත්මිය විසින් ඒ වාරණ නියෝගය විසුරුවා හරින්නත්, අතුරු තහනම් ඉල්ලීම ගාස්තු සහිතවම ප්රතික්ෂේප කරන්නත් පසුගිය (2026 සැප්තැම්බර් 25) නියෝග කරලා තියෙනවා.
දුෂ්යන්ත්ගේ පාර්ශවයෙන් උසාවියට පෙන්වලා දීලා තියෙන්නේ, 2007 අවුරුද්දේ ඉඳන් ඔහු මේ සින්දුව කිසිම බාධාවක් නැතුව වේදිකාවේ කිව්වා කියලයි. ඒ වගේම ඔහු මේ ගීතයේ ගායකයා විතරක් නෙවෙයි, සම-නිෂ්පාදකයෙක් විදිහටත් ඔහුට අයිතියක් තියෙනවා කියලත් පෙන්වලා දීලා තියෙනවා. ඉතින් මේ සින්දුව අහලා අවුරුදු 18ක්ම ගියාට පස්සේ එකපාරටම මේ වගේ නීතිමය පියවරක් ගත්ත එක ගැන කලා ක්ෂේත්රය ඇතුළෙත් ලොකු කතාබහක් ඇතිවෙලයි තිබුණේ.
අධිකරණය මේ වාරණය ඉවත් කරන්න තීරණය කරලා තියෙන්නේ, නඩුව දාන්න මෙච්චර කල් පමා වුණේ ඇයි?, මේකෙන් වෙන හානියට සල්ලිවලින් වන්දි ගෙවලා සහනයක් දෙන්න පුළුවන්ද? සහ නඩුවට අදාළ කරුණු හරියටම අධිකරණයට කියලද තියෙන්නේ? කියන කාරණා ගැන අවධානය යොමු කරලයි.
හැබැයි ඉතින් පොඩි දෙයක් මතක් කරන්න ඕනේ. මේක ගීතයේ සම්පූර්ණ අයිතිය ගැන දෙන අවසන් තීන්දුව නම් නෙවෙයි. ප්රකාශන අයිතිය කාටද අයිති කියන ප්රධාන නඩුව තාමත් උසාවියේ විභාග වෙනවා. ඒ කොහොම වුණත්, නඩුව ඉවර වෙනකම් දුෂ්යන්ත්ට තමන්ගේ රසිකයෝ වෙනුවෙන් "නෙළුම් විලෙන් පැන" සින්දුව වේදිකාවේ කියන්න දැන් නම් කිසිම තහනමක් නෑ!