පසුගිය දවසක ශලනි ඇගේ ෆේස්බුක් ගිණුමට එකතු කරලා තිබුණු අලුත්ම ඡායාරූප පෙළක් ගැන මේ වෙද්දී සමාජ මාධ්‍යවල ලොකුවට කතාබහක් ඇතිවෙලා තියෙනවා.
මේ ෆොටෝ ටික ගොඩක් අයගේ අවධානයට ලක්වෙන්න ප්‍රධානම හේතුව තමයි ඒකෙ තියෙන වෙනස්ම විදිහේ Vibe එක. වෙනදා දකින හිනාවෙලා ඉන්න හැඩකාර ශලනිට වඩා, හරිම නිස්කලංක, හැඟීම්බර වගේම වෙනස්ම කලාත්මක පෙනුමක් මේ ඡායාරූපවලින් දැකගන්න පුළුවන්. ඒ වගේම මේ ඡායාරූප පෙළත් එක්ක ඇය හරි අපූරු සටහනකුත් තියලා තිබුණා.
"There is beauty even in silence…, but only for those who know how to feel it..."
නිශ්ශබ්දතාවය ඇතුළෙත් ලස්සනක් තියෙනවා... හැබැයි ඒක දැනෙන්නේ ඒක විඳින්න දන්න අයට විතරයි...
මේ වගේ ගැඹුරු තේරුමක් තියෙන සටහනක් එක්ක පළකරපු මේ ඡායාරූප පෙළට මේ වෙද්දිත් ඇගේ රසිකයන්ගෙන් ෆේස්බුක් එකේ ලොකු ප්‍රතිචාරයක් ලැබෙමින් තියෙනවා. ඇය මේ නිශ්ශබ්දතාවයේ ලස්සන ගැන කියන්නේ ජීවිතේ අලුත් වෙනසක් ගැනද කියලා සමහරු ප්‍රශ්න කරද්දී, තවත් අය කියන්නේ ශලනිගේ මේ අලුත් 'වයිබ්' එකට එයාලා ගොඩක් ආදරෙයි කියලයි.
කොහොම වුණත් කිසිම කතාවක් නැතුව වුණත් ලොකු අදහසක් දෙන්න පුළුවන් බව ශලනි මේ වෙනස්ම ෆොටෝ ටිකෙන් අපූරුවට ඔප්පු කරලා තියෙනවා.