විශේෂයෙන්ම උඩරට දුම්රිය මාර්ගයට එල්ල වූ දැවැන්ත නායයෑම් සහ පස්කඳු කඩාවැටීම් නිසා මාස ගණනාවක් තිස්සේ කොළඹ - බදුල්ල දුම්රිය ගමනාගමනය සම්පූර්ණයෙන්ම අඩාල වී තිබුණා.
දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 69කට ආසන්න අතිවිශාල හානියක් සිදු කරමින්, සියවස් ගණනක් පැරණි මෙම මනරම් දුම්රිය මාර්ගයේ ස්ථාන 223ක නායයෑම් සිදුව තිබූ බවයි වාර්තා වුණේ.
කෙසේ වෙතත්, ගතවූ මාස 10ක කාලය තුළ අඛණ්ඩව සිදුකළ ප්‍රතිසංස්කරණ කටයුතුවල ප්‍රතිඵලයක් ලෙස පසුගිය 2 වැනිදා සිට ගම්පොළ දක්වා දුම්රිය ධාවනය යළි ආරම්භ කිරීමට බලධාරීන්ට හැකියාව ලැබුණා.
එලෙසම, සියලු දෙනා නොඉවසිල්ලෙන් මඟබලා සිටින ගම්පොළ සිට නාවලපිටිය දක්වා දුම්රිය ධාවනය එළැඹෙන දෙසැම්බර් මාසයේදී යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව උඩරට දුම්රිය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය භාර ඉංජිනේරුවන් මේ වන විට තහවුරු කර සිටිනවා.
මේ වන විටත් ගම්පොළ සහ නාවලපිටිය අතර ප්‍රතිසංස්කරණ කටයුතුවල මූලික අදියර සාර්ථකව ආරම්භ කර තිබෙනවා. මෙම කොටසේ නායයෑම් ස්ථාන 8ක් වාර්තා වී ඇති අතර, ඉන් දැවැන්තම හානිය සිදුව ඇත්තේ උලපනේ ගඩොල් බෝක්කුව ආසන්න ප්රදේශයටයි.
අනතුර සිදුවූ අවස්ථාවේ 'දිට්වා' ආපදාවට හසුවූ දුම්රියක්, එහි ඉදිරිපසින් සහ පසුපසින් මාර්ගය දැවැන්ත ලෙස නායයාම නිසා තවමත් උලපනේ වරකාපිටිය ප්‍රදේශයේ එලෙසින්ම සිරවී තිබීම විශේෂත්වයක්.