Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Hiru News Advertisement Hiru News Advertisement
Oct
03
රුපියල් කෝටියක වන්දියට අජිත් මුතුකුමාරණගෙන් නිර්මාණාත්මක පිළිතුරක්.. පැරණි තනුවටම නව ගීතයක්!

- රුපියල් කෝටියක වන්දියට අජිත් මුතුකුමාරණගෙන් නිර්මාණාත්මක පිළිතුරක්.. පැරණි තනුවටම නව ගීතයක්!Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

22 Views

පහුගිය දවස්වල මුළු සෝෂල් මීඩියාවලම ලොකුවට කතාබහට ලක්වුණු මාතෘකාවක් තමයි ප්‍රවීණ ගායන ශිල්පී අජිත් මුතුකුමාරණගේ අතිශය ජනප්‍රිය "ඇස යොමන තැනක" ගීතයට ආපු හදිසි වාරණය. 


ගීතයේ පද රචිකාව වන රෙයාශිනි ශාක්‍යා මුණසිංහ මහත්මිය නීතිඥවරයෙක් හරහා එන්තරවාසියක් එවමින් කියලා තිබුණේ, මේ ගීතය ආයෙත් වේදිකාවේ කිව්වොත් රුපියල් කෝටියක (මිලියන 10ක) වන්දියක් අය කරනවා කියලයි. මේ කතාවත් එක්කම අජිත් තීරණය කළා ගීතයේ සම්පූර්ණ අයිතිය ඒ පාර්ශ්වයටම පවරලා දීලා, මින් ඉදිරියට කිසිම ප්‍රසංගයක ඒ ගීතය නොකියන්න.

හැබැයි මේ ප්‍රශ්නෙදි අජිත් මුතුකුමාරණ සද්ද නැතුව නිකන්ම පැත්තකට වුණේ නැහැ. ඔහු මේකට ක්‍රියාවෙන්ම දුන්නු අපූරු උත්තරේ තමයි දැන් මුළු රටේම ආදරේ දිනාගෙන තියෙන්නේ. අජිත් කළේ මීට අවුරුදු 30කට කලින් ජෝර්ජ් සේනානායක මහතා නිර්මාණය කරපු ඒ පරණ තනුවම අරගෙන, ඒකට අලුත්ම පද පේළියක් දාලා අලුත් සින්දුවක් එළියට දාපු එකයි. අංජනා මුතුකුමාරණගේ පද රචනයෙන් හැඩවුණු මේ අලුත් ගීතයේ නම සිත හඬන රෑයක.

"ප්‍රශ්නෙට උත්තරේ දෙන්නෙ මෙහෙමයි" කියලා අජිත් මේ අලුත් සින්දුව තමන්ගේ මුහුණු පොතටත් එකතු කරලා තිබුණා. කලාව හුදෙක් වාණිජ අරමුණු වෙනුවෙන් පාවිච්චි කරලා විනාශ කරනවාට වඩා, මේ වගේ නිර්මාණාත්මක සහ බුද්ධිමත් පිළිතුරක් දුන්නු එක ගැන හැමෝම අජිත්ට ප්‍රශංසා කරනවා. ඒ විතරක් නෙවෙයි, තමන්ගේ පූර්ණ බුද්ධිමය හිමිකාරිත්වය යටතේ තියෙන "රහසක් කියයි ඇය", "විලාසිනියේ", "හැඬුවා නුඹ", "පෙර දින සිත බැඳුනා", සහ "සීත උදේ" වගේ ජනප්‍රිය ගීත කිසිම කර්තෘභාගයක් අය කරන්නේ නැතුව ඕනෑම සංගීත කණ්ඩායමකට හෝ ප්‍රසංගයකට ගායනා කරන්නත් ඔහු විවෘතවම අවසර දීලා තියෙනවා.

අහිමි වුණු ප්‍රේමයක වේදනාව ගැන කියවෙන මේ අලුත් ගීතයේ පද පේළි ටිකත් ඇත්තටම අර පරණ තනුවටම අපූරුවට ගැළපිලා තියෙනවා:
"සිත හඬන රෑයක මා නෙතු නවතින්නේ ඔබ ළඟයි
ඉකිබිඳින වෙලේ හැමතැනකම මැවුනේ ඔය රුවයි
හද තැවෙන වෙලේ සැනසුම මට වුනේ ඔබ තමයි
හැරගියේ ඇයිද තවමත් මම නොදනිමි සත්තයි"

කෝටියක වන්දියට බයවෙලා හැංගෙන්නේ නැතුව, අජිත් මුතුකුමාරණ දුන්නු මේ සුපිරි උත්තරේ ගැන ඔයාලට මොකද හිතෙන්නේ?
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins
-->



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top