පහුගිය දවසක ඇගේ සමාජ මාධ්ය ගිණුමට ලස්සනම ලස්සන ඡායාරූප පෙළක් එකතු කරමින් ඕෂධී හරිම හරවත්, ජීවිතේට ලොකු හයියක් වෙන අපූරු සටහනක් තබලා තිබුණා.
ඒ පින්තූරවලින් වෙනදාටත් වඩා ආකර්ෂණීය සහ සන්සුන් පෙනුමකින් දිස්වුණු ඕෂධී, ජීවිතේ අභියෝග ඉස්සරහා වැටෙන්න යන ඕනෑම කෙනෙකුට නැගිටින්න පුළුවන් ගැඹුරු කතාවක් මෙහෙම ලියලා තිබුණා:
"සමහර වෙලාවට කාලයත් එක්ක ඉස්සරහට යන්න ඕනෙ අපි! ඒ ගමනෙදි ඔයා ඔයාව විශ්වාස කරන්න ඕනේ. හැම පියවරක්ම විශ්වාසයෙන් ඉදිරියට තියන්න ඕනේ. බෑ කියලා හිතෙද්දී, ප්රතිඵල නෑ කියලා හිතෙද්දී, නවතින්නේ නැතුව ඉස්සරහට යන්න ඕනේ. අනිත් අයත් එක්ක සංසන්දනය නොවී තමන්ව විශ්වාස කරලා ඒ ගමන යන්න. පුංචි කාලයක් යාවි... ඒත් ඔයා දිනනවාමයි!"
අද කාලේ බොහෝ දෙනෙක් අනිත් අයගේ සාර්ථකත්වයන් එක්ක තමන්ගේ ජීවිත සසඳමින් මානසිකව වැටෙන මොහොතක, තමන්ගේ ගමන තමන්ට ආවේණික විදිහට විශ්වාසයෙන් යන්න ඕෂධී දුන්නු මේ උපදෙස මුළු සෝෂල් මීඩියාවලම කාගෙත් පැසසුමට ලක්වෙලා තියෙනවා.
ඇගේ මේ නෙත් සිත් ඇදගන්නා සුන්දර පෙනුම වගේම, ජීවිතය දිනන්න දීපු මේ ධනාත්මක පණිවිඩය ගැන ඔයාලට මොකද හිතෙන්නේ? පහළින් ඔයාලගේ අදහසත් සටහන් කරගෙනම යන්න!