ඒ තමයි කවුරුත් ආදරේ කරන රංගන ශිල්පිනී ලෝචනා ඉමාෂි, සිංගප්පූරුවේ Universal Studios වලට ගියපු වෙලාවේ ගත්ත අපූරු ෆොටෝ ටික.
ඇත්තටම ඕනෑම වැඩිහිටි පුද්ගලයෙක් ඇතුළේ තාමත් අහිංසක කුඩා දරුවෙක් ජීවත් වෙනවා. ලෝචනාගේ මේ පින්තූර දැක්කම ඕනෑම කෙනෙකුට තේරෙන දේ තමයි, ඇය ඇයගේ හිත ඇතුළේ ඉන්න ඒ කුඩා දරුවාට කිසිම බාධාවකින් තොරව ජීවිතේ විඳින්න ඉඩ දීලා තියෙනවා කියන එක. දහසක් ප්රශ්න මැද ජීවත් වුණත්, ජීවිතේ අපිට ලැබෙන සුළු කාලය කොච්චර සතුටින් ගත කරන්න පුළුවන්ද කියන එක ඇය මේ ෆොටෝවලින් අපූරුවට පෙන්නලා දීලා තියෙනවා.
ලස්සනට ඉන්න, ඇඳුමක් අඳින්න වයසක් බලපාන්නේ නැහැ. ඒකට ඕනේ ලස්සන සිරුරක් වගේම ආත්ම විශ්වාසයක් විතරයි. ඒ වගේම හදවතින්ම හිනාවෙන්න ලොකුවට සල්ලි ඕනේ නැහැ, පිරිසිදු හදවතක් තිබුණාම ඇති කියන කාරණාව ලෝචනාගේ මේ නිදහස්, සැහැල්ලු පෙනුමෙන් මනාවට පැහැදිලි වෙනවා.
"මිනිස්සු ඕන කෙනෙක් ඕන දෙයක් කියපුදෙන්.. මම ජීවිතේ විඳිනවා" කියන එක තමයි ඇගේ ඒ ලස්සන හිනාවෙන් කියවෙන්නේ. ඉතින් ලෝචනා වගේ ජීවිතේ විඳින්න කැමති, ඇතුළාන්තයේ ඉන්න කුඩා දරුවාට නිදහසේ හිනාවෙන්න ඉඩදෙන අය ඉන්නවා නම්, මේ ලස්සන ඡායාරූපවලට ඔයාලගේ අදහසත් පහළින් කමෙන්ට් කරගෙනම යන්න!