ඒ තමයි Fast & Furious කතා මාලාව ඇසුරින් නිර්මාණය වෙන අලුත්ම රූපවාහිනී කතා මාලාවක් පුංචි තිරයට එන්න ලෑස්ති වෙනවා කියන එක. මේ වෙද්දී Peacock ආයතනයෙන් මේ අලුත් වැඩේට නිල අනුමැතියත් දීලා ඉවරයි. හැබැයි ඉතින් මේකේ නිෂ්පාදන කටයුතු දැන් පටන්ගත්තට විකාශය ආරම්භ කරන්න සැලසුම් කරලා තියෙන්නේ නම් 2028 අවුරුද්දේ කියලයි ආරංචි වෙන්නේ.
මේ අලුත් ටීවී සීරීස් එක ගැන මුලින්ම පොඩි ඉඟියක් දුන්නේ වෙන කවුරුවත් නෙවෙයි, හැමෝම ආදරේ කරන Vin Diesel විසින්මයි. ඒ පහුගිය මැයි මාසයේ තිබුණු NBCUniversal වැඩසටහනකදී. අලුත් කතා මාලාවේ විධායක නිෂ්පාදකවරයෙක් විදිහට Vin Diesel කෙළින්ම සම්බන්ධ වෙනවා. ඊට අමතරව Sam Vincent, Neal H. Moritz, Pavun Shetty, Jeff Kirschenbaum සහ Chris Morgan කියන ප්රබල නිෂ්පාදකවරු සෙට් එකක්ම මේ වැඩේට අතගහලා තියෙනවා. ඒ වගේම පළවෙනි කොටසේ තිරපිටපත ලියන්නේ සහ සම ප්රධාන නිෂ්පාදකවරුන් විදිහට වැඩ කරන්නේ Mike Daniels සහ Wolfe Coleman විසිනුයි.
කොහොම වුණත් මේකේ කතාව මොන වගේ වෙයිද, ෆිල්ම් එකේ හිටපු අයම ටීවී සීරීස් එකටත් එයිද, නැත්තම් අලුත්ම නළු නිළියෝ සෙට් එකක් බලාගන්න පුළුවන් වෙයිද කියන එක නම් තාමත් ලොකු රහසක් විදිහටයි නිෂ්පාදකවරු තියාගෙන ඉන්නේ. Variety වෙබ් අඩවිය වාර්තා කරන විදිහට ඒ ගැන කිසිම තොරතුරක් තාම එළියට දීලා නැහැ. ඉතින් ෆිල්ම් එක වගේම මේ සීරීස් එකත් සුපිරියටම තියෙයි කියලා අපිට බලාපොරොත්තු තියාගන්න පුළුවන්.
ඇක්ෂන් බලන්න ආස අයට මේක එනකම් ඉවසිල්ලක් නැතිවෙයි නේද? මේ අලුත් Fast & Furious කතා මාලාව ගැන ඔයාට හිතෙන දේත් පල්ලෙහායින් කමෙන්ට් කරගෙනම යන්න!