රංගනයට වගේම සමාජ මාධ්යවලත් නිතරම කතාබහට ලක්වෙන දිනක්ෂි, පහුගිය දවසක ඇගේ ෆේස්බුක් ගිණුමට අපූරු ඡායාරූප පෙළක් එකතු කරලා තිබුණා.
ලස්සනම ලස්සන චූටි කහ පාට ගවුමකින් සැරසිලා හිටපු දිනක්ෂිව මේ පින්තූරවලින් පෙනුණේ වෙනදාටත් වඩා ගොඩක් වෙනස් විදිහකටයි. ගොඩක් දෙනෙක් කමෙන්ට් කරලා තිබුණේ මේ කහ පාට ගවුමට දිනක්ෂිව හරියටම පුංචි ගෑනු ළමයෙක් වගේ පේනවා කියලයි. ඇත්තටම මේ ෆොටෝවලින් ඇයගේ පෙනුම වෙනදාට වඩා ගොඩක් බාලවෙලා වගේම, හිතාගන්න බැරි තරම් කියුට් විදිහට පේනවා කිව්වොත් නිවැරදියි.
මේ ලස්සන ෆොටෝ ටික ෂෙයාර් කරන ගමන් ඇය අපූරු සටහනකුත් එකතු කරලා තිබුණා. ඒ තමයි ''Life lately… slower, quieter, better'' කියන එක. "මෑතකාලීන ජීවිතය... වඩාත් සෙමින්, නිස්කලංකව, සහ වඩාත් හොඳින් ගෙවෙනවා" කියන අදහස තමයි ඇය මේකෙන් කියලා තියෙන්නේ. ඉතින් මේ දවස්වල දිනක්ෂි ගතකරන නිස්කලංක, සරල සහ සුන්දර ජීවිතය මේ පින්තූරවලින් වගේම ඒ අපූරු සටහනෙනුත් මනාවට පැහැදිලි වෙනවා.
දිනෙන් දින ලස්සන වෙන දිනක්ෂිගේ මේ කියුට් පෙනුමටයි, කහ පාට ගවුමෙන් හැඩවුණු අලුත්ම ෆොටෝ ටිකටයි ඔයාටත් මොනවා හරි කියන්න හිතෙනවා ඇති නේද?