රංගන දක්ෂතා නිසා වගේම ඇගේ රූමත් බව නිසාත් වගීෂාට ප්රේක්ෂකයින් අතරේ තියෙන්නේ ලොකු ආදරයක්.
සමාජ මාධ්යවල නිතරම ඇක්ටිව් ඉන්න වාගීෂා, ඔන්න පහුගිය දවසක ඇගේ ෆේස්බුක් ගිණුමට අලුත්ම විදිහේ ඡායාරූප පෙළක් එකතු කරලා තිබුණා. වෙනදා දකිනවාට වඩා හාත්පසින්ම වෙනස් වගේම, ඇගේ පෙනුමට උපරිමයෙන්ම ගැළපෙන අපූරු ලස්සන ගවුමකින් සැරසිලා තමයි ඇය මේ ෆොටෝ ෂූට් එක කරලා තිබුණේ.
මේ වෙනස්ම විදිහේ ෆොටෝ ෂූට් එකට මේ වෙද්දිත් ෆේස්බුක් එකේ රසිකයින්ගෙන් නොසෑහෙන්න ප්රතිචාර, ලයික්ස් වගේම කමෙන්ට්ස් ගලාගෙන එනවා දකින්න පුළුවන්. ඇත්තටම මේ ආකර්ෂණීය ඇඳුමෙන් වගීෂාගේ ලස්සන තවත් දෙගුණ තෙගුණ වෙලා පේනවා කිව්වොත් නිවැරදියි.
ඉතින් වගීෂාගේ මේ අලුත්ම ෆොටෝ ෂූට් එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ? වෙනස්ම ලස්සනක් තියෙනවා නේද?