ද දවසට අදාළව ලග්න පලාපල විස්තරයේ ඇතුළත් කාරණා ටිකක් පැහැදිලිවම අපි ඔයාලට අරගෙන ආවා. අද ඉර උදාව උදේ 05.58ට සටහන් වෙනවා වගේම ඉර බැසීම සිදුවෙන්නේ සවස 06.01ටයි. විශේෂයෙන්ම මතක තියාගන්න, අද උදේ 08.58 ඉඳන් 10.28 වෙනකම් යෙදිලා තියෙන්නේ රාහු කාලයයි. ඒ නිසා වැදගත් ගමනක් බිමනක් යන්න, අලුත් වැඩක් පටන් ගන්න ඉන්නවා නම් ඒ වෙලාව මඟහරින එක තමයි වඩාත් නුවණට හුරු.
දැන් අපි බලමු ලග්න දොළහට අද දවස බලපාන්නේ කොහොමද කියලා..
මේෂ: අද දවස ඔයාලට ගොඩක් සැහැල්ලු එකක් වේවි. මොකද අද දවසේ ඔබේ හිතේ සතුට ඇති වන බව තමයි කියවෙන්නේ. පවුලේ අයත් එක්ක හරි, යාළුවොත් එක්ක හරි මානසික නිදහසෙන් කාලය ගත කරන්න පුළුවන් දවසක්.
වෘෂභ: පොඩි පොඩි ප්රශ්න ආවත් කේන්ති ගන්නේ නැතුව ඉන්න එක තමයි අද දවසට හොඳම දේ. ඕනෑම දෙයකදී ඉවසීමෙන් කටයුතු කරන්න කියලා තමයි ඔයාලට විශේෂයෙන්ම මතක් කරන්නේ.
මිථුන: කාලෙක ඉඳන් හිතේ තියන් හිටපු ප්ලෑන් එකක් තියෙනවා නම් අද ඒක හැබෑ වෙන්න ඉඩ තියෙනවා. මොකද අද කියන්නේ ඔයාලගේ බලාපොරොත්තු ඉටු වන දවසක් විදිහටයි.
කටක: අද දවසේ වාහන පදවද්දී වගේම දුර ගමන් යද්දී දෙපාරක් හිතන්න. ගමන්වලදී ප්රවේසම් වන්න කියලා පෙන්වා දීලා තියෙනවා.
සිංහ: නිවාඩු දවසක් වුණත් ඔයාලගේ වෘත්තීය ජීවිතයට අද ගොඩක් හොඳයි. රැකියා කටයුතුවලට අද දවස බොහොම සුබ බව තමයි සඳහන් වෙන්නේ. අලුත් රැකියා බලාපොරොත්තු වෙන අයටත් මේක හොඳ ආරංචියක්.
කන්යා: අද දවස කන්යා ලග්න හිමියන්ට නම් සුපිරිම දවසක්! ඔයාලට අද බොහොම වාසනාවන්ත දවසක් විදිහටයි පෙන්නුම් කරන්නේ. ලොකු වැඩක් පටන් ගන්න නම් අදම තමයි දවස.
තුලා: වැඩ ගොඩගැහිලා, නිදහසේ හුස්මක් ගන්නවත් වෙලාවක් නැති වෙන්න පුළුවන්. මොකද අද දවසේ අවිවේකී ස්වභාවයක් ඇති වෙන්න පුළුවන් කියලා කියනවා. කලබල නොවී එකින් එක වැඩ ටික ඉවරයක් කරගන්න බලන්න.
වෘශ්චික: උදේ නැගිට්ට වෙලාවේ ඉඳන් ඇඟට පොඩි කම්මැලිකමක් දැනෙන්න ඉඩ තියෙනවා. අලස බව ඇති විය හැකියි කියලා තමයි ඔයාලට කියන්නේ. ඒ නිසා හිත හදාගෙන, කම්මැලිකම පැත්තකින් තියලා දවස පටන් ගන්න.
ධනු: ගෙදර දොරේ ප්රශ්න අඩු වෙලා පවුලේ අයත් එක්ක සතුටින් ඉන්න පුළුවන් කාලයක්. අද දවසේ ගෘහ ජීවිතය සතුටුදායකයි කියලා තමයි කියවෙන්නේ.
මකර: හදිසි තීරණ ගන්න නම් එපා. ඕනෑම දෙයක් කරද්දී හොඳට කල්පනාකාරීව කටයුතු කරන්න කියලා ඔයාලට මතක් කරනවා. කතා කරද්දී වුණත් වචන පාවිච්චියේදී සැලකිලිමත් වෙන්න.
කුම්භ: අනවශ්ය ප්රශ්න ඔළුවට දාගන්න එපා, මොකද අද දවසේ සිත් පීඩා ඇති වෙන්න ඉඩ තියෙනවා. නිදහසේ පාඩුවේ ඉන්න එක තමයි හොඳම දේ.
මීන: කම්මැලි නැතුව වැඩට බැස්සොත් අද දවස ගොඩදාගන්න පුළුවන්. ඒ නිසා කරන හැම වැඩක්ම උනන්දුවෙන් කටයුතු කරන්න කියලා මතක් කරනවා. උත්සාහය තිබ්බොත් ප්රතිඵල අනිවාර්යයි.
අද දවසට ඔයාගේ ලග්නෙන් කියන දේ ගැන ඔයාට හිතෙන්නේ මොකක්ද?