නිරන්තරයෙන්ම ප්‍රේක්ෂකයින්ට අලුත් අත්දැකීම් තිළිණ කරන ඔහු, සිය මුහුණු පොත හරහා විශේෂ වීඩියෝ පටයක් එකතු කරමින් ඉතාමත් ආදර්ශමත් මෙන්ම සංවේදී කතාවක් ප්‍රකාශ කර තිබුණා.
තමන්ගේ අලුත්ම ගීතය පිළිබඳව රසිකයින් දැනුවත් කරමින් වේරලියද්දයන් සඳහන් කළේ, කෘතිම බුද්ධිය භාවිතයෙන් නිර්මාණය කළ එම අලුත් ගීතය රසවිඳීමට මෙන්ම ඕනෑම අයෙකුට ගායනා කිරීමට ද පූර්ණ නිදහස ඇති බවයි.
මේ ඔහු දැක්වූ අදහස්...
"ආයුබෝවේවා... ඔන්න මගේ අලුත් ගීතය ගැන මතක් කරන්න ආවා. ඔබට දැන් අහන්නත්, බලන්නත්, රසවිඳින්නත් පුළුවන්... කැමති නම් ගායනා කරන්නත් පුළුවන්. මා ගැයූ පැරණි ගීත, නව ගීත වගේම ඉදිරියට එන්න තියෙන ගීතත් මගේ නෙවෙයි... මා ගැයූ සියලුම ගීත ඔබ සතුයි.
ඔබ මගේ රසිකයෝ...මා ගායනා කළ ගීතයක් ඔබ රසවිඳින්නේ නැත්නම්, ඔබ ගායනා කරන්නේ නැත්නම්, මම කොච්චර ආදරෙන් කෑගහලා කිව්වත් ඒක ජනගත වෙන්නේ නැත්නම් ඒක මගෙත් නෙවෙයි කාගෙත් නෙමෙයි.
මගේ ගීත කියන්න මගෙන් ඔබට කිසිම අවසරයක් ගන්න අවශ්‍ය නැහැ, ඔබ කැමති තැනක කියන්න..."