ඒ සුන්දර ලෝකයට තවත් අලුත් පාටක් එකතු කරමින් මෙවර ජාත්‍යන්තර ලෝක ළමා දිනය වෙනුවෙන් සිරිලක පුංචි දුවා දරුවන් උදෙසාම සංවිධානය කරන දැවැන්තම ළමා සැණකෙළිය "හිරු දරුවෝ 2026" හෙට (ඔක්තෝබර් 03 වැනිදා) සෙනසුරාදා මීගමුව වෙරළ උද්‍යානයේදී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට මේ වනවිටත් සියලු කටයුතු සූදානම් කර අවසන්.
හිරු TV ගෙන එන මේ අපූරු ළමා ලෝකයේ දොරටු හෙට දහවල් 1.00 ට විවෘත වෙන්නේ පුංචි පැටවුන්ට නටමින්, ගයමින්, සතුටින් පිනුම් ගහන්න පුළුවන් ක්‍රියාකාරකම් ගොඩකුත් අරගෙනයි. දරුවන්ගේ මූණේ හිනාව ගෙනෙන විනෝදයෙන් පිරුණු මපට් සංදර්ශන, ඇස් අදහාගන්න බැරි මවිත කරවන මැජික් සංදර්ශන වගේම රූපවාහිනී තිරයෙන් විතරක් දැකපු දරුවන්ගේ ප්‍රියතම කාටුන් චරිත එක්ක හැබෑවටම අත්වැල් බැඳගෙන සෙල්ලම් කරන්නත් හෙට මීගමුව වෙරළ උද්‍යානයේදී අවස්ථාව උදා වෙනවා.
ඒ විතරක් නෙවෙයි, දරුවන්ගේ විනෝදය දෙගුණ තෙගුණ කරන බවුන්සර් කාසල් ඇතුළු තවත් විනෝද ක්‍රීඩා රැසක්ම "හිරු දරුවෝ 2026" සැණකෙළි භූමියේ සූදානම් කරලයි තියෙන්නේ. මේ හැමදේම අතරේ විනෝද ක්‍රීඩාවලට එකතු වෙන දුවා දරුවන්ට වටිනා ත්‍යාග කන්දරාවක් දිනාගන්නත් මෙහිදී සුවිශේෂී අවස්ථාවන් නිර්මාණය කරලා තියෙනවා.
තරඟකාරී අධ්‍යාපන රටාව ඇතුළේ පොත් පත් වලටම හිරවෙලා ඉන්න ඔබේ ආදරණීය දරුවාට වෙනස්ම අත්දැකීමක් ලබාදෙන්න, සතුටින් පිරිලා ඉතිරිලා යන ලස්සනම ලස්සන ළමා දිනයක් තෑගි කරන්න හෙට දහවල් 1.00 ට මීගමුව වෙරළ උද්‍යානයට එන්න කියලා ආදරණීය මව්පියන් හැමෝටම අපි ආදරයෙන් ආරාධනා කරනවා. හෙට දවස නම් සිරිලක හිරු දරුවන්ගේ හිනා හඬින් මීගමුව වෙරළ තීරයම හැඩවෙන සුන්දරම දවසක් වේවි!