Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්




Oct
02
තමන්ගේ අතින් 5ක් මියයද්දී ජනේලයෙන් පැනගිය නියමුවාගේ අභිරහස් හැසිරීම!

- තමන්ගේ අතින් 5ක් මියයද්දී ජනේලයෙන් පැනගිය නියමුවාගේ අභිරහස් හැසිරීම!Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8 Views

අමෙරිකාවේ මියාමි ගුවන් තොටුපළේදී පස් දෙනෙකුට ජීවිත අහිමි කරමින් ගිනිගත් ඇමසන් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයේ මාරක අනතුර ගැන දැන් ඇඟ කිලිපොළා යන රහසක් හෙළිවෙලා තියෙනවා.


මේක නිකම්ම සිදුවුණු යාන්ත්‍රික දෝෂයක් නෙවෙයි, ප්‍රධාන නියමුවාගේ මුරණ්ඩුකම සහ අතපසුවීම නිසා සිද්ධ වුණු මහ විනාශයක් කියලයි අමෙරිකානු ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලයේ මූලික විමර්ශන වාර්තාවෙන් හෙළිවෙලා තියෙන්නේ.

පසුගිය සැප්තැම්බර් 6 වැනිදා භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබුණු මේ Boeing 767 යානය ගොඩබස්සන්න එද්දී සහායක නියමුවා කීප සැරයක්ම කෑගහලා අනතුරු අඟවලා තියෙනවා වේගය වැඩියි කියලා. ඒත් පාලනය අතේ තියාගෙන හිටපු ප්‍රධාන නියමුවා ඒකට කිසිම ගාණක් නැතුව, අඩුම තරමේ වචනයකින්වත් උත්තරයක් නොදී යානය පාලනය කරලා තියෙන්නේ හරියට රේස් එකක් යනවා වගේ.

ගුවන් යානය ධාවන පථයේ ආරම්භක සීමාව පහුකරද්දීත් පොළොවට අඩි 105ක් උඩින් පැයට සැතපුම් 200කට වඩා වේගයෙන් ඇවිත්!

ධාවන පථයෙන් 40%ක්ම පහු වුණාට පස්සෙයි යානය බිමට කිට්ටු කරලා තියෙන්නේ. ඒ මදිවට කලු පෙට්ටියේ දත්තවලින් හෙළිවෙලා තියෙන විදිහට, යානයේ වේගය අඩු කරන speed brakes සහ thrust reversers ක්‍රියාත්මක කරන්නවත් මේ නියමුවා කටයුතු කරලා නැහැ.

අන්තිමේදී තිරිංග ගහලා, ධාවන පථයේ ඉතිරි වෙලා තියෙන්නේ අඩි 1000කටත් අඩු දුරක් කියලා තේරුණාම, එකපාරටම "ආපහු උඩට යමු (go around)" කියලා නියමුවා තීරණය කරලා තියෙනවා. හැබැයි තත්පර 4කින් ආයෙත් තීරණය වෙනස් කරලා යානය නවත්වන්න හදද්දී වෙන්න ඕනෙ හරිය වෙලා ඉවරයි.

පාලනය කරගන්න බැරි වුණු යානය පැයට සැතපුම් 115ක වේගයෙන් ධාවන පථයත් පහුකරගෙන ගිහින් ගුවන් තොටුපළේ විදුලි පද්ධතිවලත් හැප්පෙන ගමන්ම කෙළින්ම ගිහින් වැදිලා තියෙන්නේ මගීන් පිරිසක් හිටපු වෑන් රථයක සහ SUV රථයක. වෑන් එකේ හිටපු අහිංසක මගීන් 5 දෙනෙක් එතනම මියයද්දී යානය මහා ගිනි ජාලාවක් බවට පත්වුණා.

හැබැයි වැඩේ කියන්නේ, මේ ඔක්කොම විනාශයක් කරපු ප්‍රධාන නියමුවා යානය ගිනිගනිද්දී වම්පස දොරෙන් පැනලා බේරිලා. සහායක නියමුවාත් ගුවන් නියමු කුටියේ ජනේලෙන් පැනලා සුළු තුවාල සහිතව ජීවිතේ බේරගෙන.

නියමුවාගේ එක් තත්පරයක ප්‍රමාදය සහ නොසැලකිලිමත්කම නිසා මහමග හිටපු 5 දෙනෙකුට ජීවිතෙන් වන්දි ගෙවන්න සිදුවුණු මේ ඛේදවාචකයේ ඇත්ත කතාව දැන් මුළු ලෝකෙම කතාබහට ලක්වෙමින් තියෙනවා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins
-->



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top