මුල් අදහසට කිසිම හානියක් නොකර, ඔවුන්ගේ ඒ කතාවල හරය ගැනයි මේ සටහන.
ජනපති අනුරගෙන් අලුත් අධ්‍යාපන ක්රමයක පෙරනිමිති!
දරුවන් කියන්නේ ජාතියේ වටිනාම සම්පත නිසා ඔවුන්ව සුරක්ෂිත කිරීම රජයේ ප්‍රධානම වගකීමක් විදියටයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දකින්නේ. දරුවන් වෙනුවෙන් ගොඩනඟන රට හෙට භාරදෙන්න විතරක් නෙවෙයි, අද දවසේම ඔවුන්ගේ සිහිනවලට ඉඩ දෙන රටක් විය යුතු බව ජනපතිවරයා පවසනවා.
“කිසිදු දරුවෙකුගේ ජාතිය, ආගම, ආර්ථික තත්ත්වය හෝ භූගෝලීය පසුබිම අධ්‍යාපනයට බාධාවක් නොවිය යුතුය.” ජනපතිවරයා අවධාරණය කරනවා. ඒ වගේම දෙමාපියන්ට බරක් නොවන, දරුවන්ට දුකක් නොවන, නව ලෝකයට ගැළපෙන කුසලතා පදනම් කරගත් අධ්‍යාපන ක්‍රමයක් වෙනුවෙන් ප්‍රතිසංස්කරණ මේ වෙද්දිත් පටන් අරන් කියලත් ඔහු සඳහන් කරලා තියෙනවා.
අගමැතිනි හරිනිගෙන් ඩිජිටල් ලෝකයේ ළමා ආරක්ෂාව ගැන ලොකු කතාවක්!
“මනසින් සවිමත් – දරුවන් පොහොසත්” කියන තේමාව යටතේ මෙවර ළමා දිනය සමරද්දී, අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය වැඩි අවධානයක් යොමු කරලා තියෙන්නේ දරුවන්ගේ සුරක්ෂිතභාවය සහ මනෝසමාජීය යහපැවැත්ම ගැනයි. දරුවන්ට තමන් සුරක්ෂිත බවත්, වැඩිහිටියන් තමන්ට සවන් දෙන බවත් දැනෙනකොට ඔවුන්ගේ වර්ධනය වඩාත් ධනාත්මක වෙන බව ඇය පෙන්වා දෙනවා.
ඒ වගේම AI සහ ඩිජිටල් තාක්ෂණය ඇතුළේ ළමයි මුහුණ දෙන සයිබර් ප්රචණ්ඩත්වය ගැනත් ඇය විශේෂ අනතුරු ඇඟවීමක් කළා. ශාරීරික දඬුවම්වලට එරෙහි නීති රාමුව ශක්තිමත් කිරීම ගැන වගේම, ළමුන් සේවයේ යෙදවීමේ දඩය රුපියල් 10,000 සිට 100,000 දක්වා වැඩිකරමින් අගෝස්තු මාසයේ සම්මත කරපු අලුත් නීතිය (2026 අංක 21 පනත) ගැනත් අගමැතිනිය මෙහිදී සිහිපත් කරලා තිබුණා. දරුවන්ට බියෙන් සැකෙන් තොරව අදහස් දක්වන්න පුළුවන් වටපිටාවක් හැදීමේ වගකීම සමස්ත සමාජයම භාරගත යුතු බවයි ඇය අවධාරණය කරන්නේ.
සජිත්ගෙන් අනාගත අභියෝග ජයගන්න පණිවිඩයක්!
ළමයා වෙනුවෙන් සුදුසු අනාගතයක් හදන්න නම් අනාගත අභියෝග ජයගත හැකි අධ්‍යාපනයක් අත්‍යවශ්‍ය බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය පණිවිඩයෙන් කියන්නේ.
“අධ්‍යාපනය යනු වෘත්තිමය කුසලතාවක් මෙන් ම යහපත් පුරවැසියකු නිර්මාණය කිරීමේ අභිලාෂය මුදුන් පමුණුවන වැඩපිළිවෙළකි.” ඔහු පවසනවා. ඒ වගේම වෙනස්වන සමාජය තුළ ගොඩනැගෙන ආකල්ප හරහා ළමයා වගේම වැඩිහිටියාත් සුරක්ෂිත කරන්න නම් නව මානයකින් රාජ්‍ය ප්‍රතිපත්ති හැදිය යුතු බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා.