තමන්ගේ ජනප්‍රියත්වය පාවිච්චි කරලා අහිංසක මිනිස්සුන්ව අමාරුවේ දාන මේ නරුම ජාවාරම ගැන සුහන්දි දැඩි කනගාටුවෙන් වගේම වගකීමෙන් යුතුව ප්‍රේක්ෂකයින්ව දැනුවත් කර තිබෙනවා.
මේ ජාවාරම්කරුවන් කරන්නේ සුහන්දිට අයිති රූපලාවන්‍යාගාරයක් (Salon) තියෙනවා යැයි පවසමින්, ඒකට සේවිකාවන් බඳවාගන්නවා කියලා සමාජ මාධ්‍ය පුරා ව්‍යාජ දැන්වීම් පළ කරන එකයි. "මම සුහන්දි වොෂදී, ඔයා මාව දන්නවා නේ, ටීවී එකේ දැකලා තියෙනවා නේ" කියමින් ආරම්භ වෙන මේ වංචනික දැන්වීමේ මාසෙකට රුපියල් 80,000ක පඩියක්, කෑම බීම, නවාතැන් පහසුකම් වගේම පවුලේ කෙනෙක් වගේ ඉන්න පුළුවන් කියන ආකර්ෂණීය බොරු පොරොන්දු රැසක් ඇතුළත් කරලා තියෙනවා. පිළිගැනීමේ නිලධාරී, පිරිසිදු කිරීම්, මනාලියන් හැඩගැන්වීම්, තේ සෑදීම, ගිණුම් කටයුතු සහ ඔෆිස් වැඩ වලට යැයි පවසමින් කාන්තාවන්ව රවටා ගැනීමට 0715885545 කියන දුරකථන අංකයත් මේ ජාවාරම්කරුවන් විසින් ප්‍රසිද්ධ කරලා තියෙනවා.
නමුත් සුහන්දි වෝසදී ඉතා පැහැදිලිවම අවධාරණය කරන්නේ තමන්ට කිසිම රූපලාවන්‍යාගාරයක් නොමැති බවයි.
මේ වංචාවේ භයානකම තත්ත්වය එතනින් නතර වෙන්නේ නැහැ. මේ ජාවාරම්කරුවන් මැදිවියේ කාන්තාවන්ට දුරකථන ඇමතුම් ලබා දී, සුහන්දිගේ නිවසේ සේවයට අවශ්‍ය බව පවසමින් ඔවුන්ව රවටා තිබෙනවා. ඉන්පසුව "සම්මුඛ පරීක්ෂණයක්" (Interview) සඳහා යැයි පවසමින් එම කාන්තාවන්ගේ නිවෙස්වලටම ගොස් මුදල් හා දේපළ සොරකම් කිරීමේ පහත් ක්රියාවලියකත් මේ කණ්ඩායම නිරත වී තිබෙනවා.
මේ වනවිටත් තමන්ගේ නම අවභාවිතා කරමින් මිනිසුන් රවටන මේ සංවිධානාත්මක ජාවාරම සම්බන්ධයෙන් සුහන්දි හෝමාගම පොලිසියට නිල වශයෙන් පැමිණිල්ලක් ගොනු කර අවසන්. කලාකරුවන්ගේ ජනප්‍රියත්වය පිටුපස හැංගිලා අහිංසක මිනිස්සුන්ගේ මුදල් කොල්ලකන මෙවැනි වංචාවන්ට අහුවෙන්න එපා කියලත්, සමාජ මාධ්‍යයේ සැරිසරන මෙවැනි බොරු රැකියා දැන්වීම් ගැන දැඩි අවධානයෙන් ඉන්න කියලත් ඇය තමන්ට ආදරය කරන සියලුම ප්‍රේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

