තමන්ගේ රංගන දක්ෂතා වගේම ඇගේ ආකර්ෂණීය රූපය නිසාම තරින්දිට ලංකාව ඇතුළේ ඉන්නේ අතිවිශාල රසික පිරිසක්. ඔන්න දැන් මේ හැඩකාර රංගන ශිල්පිනිය ලංකාවේ විතරක් නෙවෙයි, විදෙස් රටවල ඉන්න රසිකයන්ගේ ආදරයත් නොඅඩුව දිනාගන්න සමත් වෙලා තියෙනවා.
පහුගිය දවසක තරින්දි තමන්ගේ ෆේස්බුක් ගිණුමට එකතු කරපු අලුත්ම ඡායාරූප පෙළක් මේ වෙද්දි සෝෂල් මීඩියා වල ලොකු කතාබහක් ඇති කරලා තියෙනවා. හැමදාම වගේ හරිම ලස්සනට ඉන්න මේ ෆොටෝස් ටික ඇය අරගෙන තියෙන්නේ කැනඩාවේ ටොරොන්ටෝ නගරයේදීයි.
මේ ලස්සන ඡායාරූප එක්ක ඇය සටහන් කරලා තිබුණු ආදරණීය කතාව තමයි ගොඩක් දෙනෙක්ගේ අවධානය වෙනමම දිනාගත්තේ.
"Thank you !! Toronto, for the warm and lovely welcome! So happy to be here and truly grateful for all the love."
උණුසුම් සහ ආදරණීය පිළිගැනීමට ස්තූතියි ටොරොන්ටෝ! මෙහි පැමිණීමට ලැබීම ගැන ගොඩක් සතුටුයි වගේම, ලැබෙන මේ ආදරයට මම හදවතින්ම කෘතඥ වෙනවා.
තරින්දි මේ විදියට සටහන් කරලා තිබුණේ කැනඩාවේ ඉන්න ඇගේ ආදරණීය රසිකයන්ගෙන් ඇයට ලැබුණු ඉහළ පිළිගැනීම ගැන ලොකු සතුටකින්. ලංකාවේ වගේම කැනඩාවෙත් ඇයට තියෙන ජනප්රියත්වය මේ ඡායාරූප වලට ලැබෙන ප්රතිචාර වලින්ම හොඳටම පැහැදිලි වෙනවා. ටොරොන්ටෝ නගරයේ සුන්දරත්වයත් එක්ක තරින්දිගේ මේ අලුත් පෙනුම වෙනදාටත් වඩා කැපී පේනවා කියලා තමයි රසිකයෝ නම් කියන්නේ.
ඉතින් කැනඩාවේදී ලොකු ආදරයක් දිනාගෙන ඉන්න අපේ රටේ ලස්සනම රංගන ශිල්පිනියට, ඇගේ ඉදිරි කටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියලා අපිත් ආදරයෙන් සුබ පතනවා!