විභාගයක් නිසා පෙරහුරුවට (rehearsal) ගියේ නැහැ කියලා තමන්ට හිමිවෙන්න තිබුණු සම්මානය අහිමි කළාම, මුළු පාසලම ඉස්සරහා වේදිකාව මත කෙළින් හිටගෙන ඒ අසාධාරණයට එරෙහිව නිර්භීතව කතා කරපු ඒ දිරිය දියණියව කාටවත්ම අමතක වෙන්න විදියක් නෑ. ඔන්න ඒ චනිත්මා සෙනලි අද වෙනකොට තමන්ගේ සැබෑ වටිනාකම මුළු ආසියාවටම ඔප්පු කරලා ඉවරයි!
ඇය මේ විදියට තමන්ගේ දක්ෂතාවයෙන් උත්තර දීලා තියෙන්නේ නිකම්ම නිකන් තැනක නෙවෙයි; ජපානයේ පැවැත්වෙන 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේදීයි (Aichi-Nagoya 2026 Asian Games). ස්කොෂ් කාන්තා කේවල (Squash Women’s Singles) තරගයේ හොඳම 32 දෙනාගේ වටයේදී (Round of 32) චනිත්මාට මුහුණ දෙන්න වුණේ චීනයේ දැවැන්ත ක්‍රීඩිකාවක් වෙන ලියු ශියී එක්කයි.
මේ තරගය නිකන්ම නිකන් එකක් නෙවෙයි, හිතාගන්න බැරි තරම් ත්‍රාසජනකයි! පළමු වටය 11-9ක් විදියට චනිත්මා ජයගත්තත්, ඊළඟ වට දෙකම 6-11ක් සහ 3-11ක් විදියට චීන ක්‍රීඩිකාව දිනාගත්තා. ගොඩක් අයට හිතුණේ චනිත්මාගේ ගමන එතනින් ඉවරයි, දැඩි පීඩනයකට අහුවෙලා කියලා. හැබැයි එදා පාසල් වේදිකාවේදීත් නොසැලී හිටපු ඒ මානසික ශක්තිය (Mental Toughness) චනිත්මා ආයෙමත් පිටිය මැදදීත් පෙන්වුවා. පරාජයේ අද්දර ඉඳන් ආයෙමත් නැගී සිටි ඇය, අවසන් වට දෙකම 11-4ක් සහ 11-4ක් විදියට අතිවිශිෂ්ට ලෙස ජයගෙන 3-2ක ඓතිහාසික ජයග්‍රහණයක් මව්බිමට අරගෙන ආවා.
එදා පාසලේ ලොකු පුටුවල හිටපු අයට ඇය දුන්නු හොඳම උත්තරය මේකයි. සැබෑ දක්ෂතාවය කියන්නේ ෆයිල් කවර අස්සේ හරි, නිලධාරීන්ගේ නීති පොත්වල හරි, උත්සව වේදිකාවල හරි හිරකරලා තියන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා චනිත්මා මුළු ලෝකෙටම ඔප්පු කළා. සැබෑ ශූරයෝ තමන්ගේ අභිමානය පෙන්වන්නේ ක්‍රීඩා පිටියේ දහඩියෙන්. බාධක මැදින් ඇවිත් ලංකාවේ නම ජාත්‍යන්තරයට අරන් ගිය අපේ කාලයේ වීරවරියට අපෙන් උණුසුම් සුබපැතුම්!