ඒ වෙනුවෙන් ඔවුන් අද (22) ලොව ප්‍රථම පරිපූර්ණ ‘AI මූලික පනත’ හඳුන්වා දීලා තියෙනවා. මේක යුරෝපා සංගමයේ නීති වලටත් කලින් ක්‍රියාත්මක කරන එකක් වීම විශේෂත්වයක්.
දකුණු කොරියාව කියන විදිහට, මිනිස් ජීවිත වලට ලොකු බලපෑමක් කරන AI ක්ෂේත්‍ර වලට "මනුස්ස අධීක්ෂණය" දැන් අනිවාර්යයි. ඒ කියන්නේ AI වලටම විතරක් තීරණ ගන්න දෙන්න බැහැ. මේ නීතිය අදාළ වෙන ප්‍රධාන තැන් කිහිපයක් මෙන්න.
න්‍යෂ්ටික ආරක්ෂාව සහ පානීය ජලය නිෂ්පාදනය.
ප්‍රවාහනය සහ සෞඛ්‍ය සේවය.
ණය ඇගයීම් වැනි මූල්‍ය කටයුතු.
මීට පස්සේ AI පාවිච්චි කරලා යම් දෙයක් නිර්මාණය කළොත්, ඒක සැබෑ දෙයක්ද නැත්නම් AI එකක්ද කියලා වෙන් කරලා හඳුනා ගන්න බැරි නම්, ඒ බව පැහැදිලිවම සටහන් කරන්න ඕනේ. පරිශීලකයින්ට මේ ගැන කල්තියා දැනුම් දීම දැන් අනිවාර්ය නීතියක්.
මේ අලුත් නීති මාලාවත් එක්ක දකුණු කොරියාවේ නවක ව්‍යාපාරිකයෝ නම් ඉන්නේ ටිකක් කනස්සල්ලෙන්. ඔවුන් කියන්නේ මේ නීති නිසා තමන්ගේ ව්‍යාපාරවල දියුණුවට බාධාවක් වෙන්න පුළුවන් කියලයි. ඒ වගේම මේ නීතිවල තියෙන භාෂාව හරිම අපැහැදිලි බවටත් ඔවුන් මැසිවිලි නගනවා.