පෙතියාගොඩ ප්රදේශයේ පිහිටි නිවසක මෙලෙස ගින්නක් හටගෙන ඇති බව වාර්තා වෙනවා.
ගින්න පිළිබඳ තොරතුරු ලැබුණු සැණින් කොළඹ ගිනි නිවන ඒකකය ක්රියාත්මක වී තිබෙනවා. තත්ත්වය පාලනය කිරීම සඳහා මේ වන විටත් ගිනි නිවන රථ දෙකක් එම ස්ථානයට පිටත් කර යවා ඇති බවයි ගිනි නිවන හමුදාව තහවුරු කළේ.
ගින්නට හේතුව හෝ සිදුවූ අලාභහානි පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරක් වාර්තා වී නැහැ. ගින්න මැඩපැවැත්වීම සඳහා ප්රදේශවාසීන් සහ ගිනි නිවන භටයන් මේ වන විට දැඩි උත්සාහයක නිරත වනවා.