බයිට්ඩෑන්ස් (ByteDance) සමාගමට අයත් ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය, වයස අවුරුදු 13 ට අඩු දරුවන් විසින් භාවිත කරනු ලබන ගිණුම් හඳුනාගෙන ඒවා ඉවත් කිරීම සඳහා වන නව තාක්ෂණික වැඩපිළිවෙලක් ඉදිරි සති කිහිපය තුළ යුරෝපය පුරා ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම නව තාක්ෂණය ක්‍රියාත්මක වන ආකාරය සහ එහි පසුබිම පිළිබඳ වැදගත් කරුණු කිහිපයක් මෙන්න මේ විදිහට ඔවුන් ගෙන එනවා.
එක්සත් රාජධානිය තුළ වසරකට වැඩි කාලයක් පුරා ක්‍රියාත්මක කරන ලද සාර්ථක නියමු ව්‍යාපෘතියකින් පසුව මෙම නව තාක්ෂණය නිල වශයෙන් හඳුන්වා දීමට තීරණය කර ඇති අතර, පරිශීලකයින්ගේ ගිණුම් තොරතුරු, ඔවුන් පළ කරන වීඩියෝ දර්ශන සහ පරිශීලක හැසිරීම් රටා (User Behavior) ස්වයංක්‍රීයව විශ්ලේෂණය කිරීම මගින් අදාළ ගිණුම වයස අවුරුදු 13 ට අඩු දරුවෙකු සතු එකක්දැයි මෙහිදී හඳුනා ගැනෙනවා.
මෙම තාක්ෂණය මගින් ගිණුම් ස්වයංක්‍රීයව (Automatically) ඉවත් නොකරන අතර, ඒ වෙනුවට සැක සහිත ගිණුම් විශේෂ නිරීක්ෂකයින් කණ්ඩායමක් වෙත යොමු කර වඩාත් නිවැරදිව පරීක්ෂා කිරීමෙන් පසුව අවසන් තීරණය ගනු ලබනවා.
දරුවන්ගේ සබැඳි (Online) ආරක්ෂාව තහවුරු කරන ලෙස යුරෝපීය නියාමන ආයතනවලින් එල්ල වූ දැඩි බලපෑම් හමුවේ ටික්ටොක් ආයතනය මෙම පියවර ගෙන තිබෙනවා.
ළමුන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් ලොව පුරා රටවල් කිහිපයක් දැනටමත් දැඩි තීරණ ගෙන ඇති අතර, පසුගිය වසරේදී වයස අවුරුදු 16 ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් දැඩි සීමාවන් පැනවුණා.
වයස අවුරුදු 15 ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට යෝජනා කර තිබුණා.
සමස්ත යුරෝපය පුරාම සමාජ මාධ්‍ය භාවිතය සඳහා නිශ්චිත වයස් සීමාවන් පැනවීමට මේ වන විට සාකච්ඡා පවත්වමින් සිටිනවා.
මෙම පියවර හරහා කුඩා දරුවන් අනිසි ලෙස සමාජ මාධ්‍යවලට ඇබ්බැහි වීම වැළැක්වීමට සහ ඔවුන්ගේ පෞද්ගලිකත්වයේ ආරක්ෂාව තහවුරු කිරීමට අපේක්ෂා කරන බවයි දැනගන්න ලැබෙන්නේ.