පුංචි තිරයේ වගේම රිදී තිරයේත් තමන්ගේ විශිෂ්ට රංගන හැකියාවෙන් ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත් කරන්න ඇයට ඇත්තේ පුදුමාකාර හැකියාවක්.
නිලුෂි කියන්නේ නිරන්තරයෙන් ම සමාජ මාධ්‍ය තුළත් ඉතාමත් සක්‍රීය චරිතයක්. ඉතින් ඇයගේ මුහුණු පොතට එකතු කරපු අලුත්ම අලුත් පින්තූර පෙළක් ගැනයි මේ දවස්වල හැමෝම කතා වෙන්නේ.
මෙම අලුත්ම ෆොටෝ ශූට් එකේදී නිලුෂි පෙනී ඉන්නේ ඉතාමත් නවීන පන්නයේ සහ ආකර්ෂණීය පෙනුමකින්. කළු පැහැති ඇඳුමකින් සහ විශාල ප්‍රමාණයේ අව් කණ්ණාඩියකින් සැරසී සිටින ඇයගේ මේ අලුත්ම පෙනුමට රසිකයන්ගෙන් ලැබෙන්නේ ඉහළ ප්‍රතිචාරයක්.
බොහෝ දෙනෙක් පවසන්නේ ඇය ඕනෑම විලාසිතාවකට ඉතාමත් හොඳින් ගැළපෙන රංගන ශිල්පිනියක් බවයි.
ඔන්න ඉතින් නිලුෂිට ආදරය කරන ඔයාලා වෙනුවෙන්ම අපි ඒ ලස්සන පින්තූර ටික ගෙන ආවා. බලන්නකෝ නිලුෂිගේ මේ අලුත් වෙනස කොහොමද කියලා?