හැබැයි මේ කියන්න යන්නේ ඒ හැමෝම මවිත කරන, ඇඟ කිලිපොළා යන අමුතුම කතාවක්.
මේ Karl Bushby කියන බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයා. මොහු මේ කරන්න හදන්නේ ලෝක වාර්තාවක් විතරක් නෙවෙයි, මිනිස් ඉවසීමේ සීමාවන් අභිබවා යන වැඩක්. 1998 අවුරුද්දේදී පටන් ගත්තු මේ ගමනේ කාල්ගේ එකම බලාපොරොත්තුව වුණේ කිසිම වාහනයක් පාවිච්චි නොකර, ලෝකය වටේම පයින්ම ඇවිදලා ඉවර කරන එකයි.
ඔහු දැන් අවුරුදු 27කට වඩා වැඩි කාලයක් ඔහු අඩියෙන් අඩිය ඉස්සරහටම යනවා. ගිනි රශ්නය තියෙන කාන්තාර, අලි කොටි ඉන්න කැලෑ, ඒ විතරක් නෙවෙයි දරාගන්න බැරි සීතල තියෙන අයිස් කඳු පවා ඔහු පයින්ම පහු කරගෙන ඇවිත්.
ඔහු රුසියාවේ Bering සමුද්‍ර සන්ධිය පවා පයින් පහු කරපු එක ලොකු ආන්දෝලනයක් ඇති කළා. කාල්ගේ සැලසුමට අනුව හැමදේම හරියටම සිද්ධ වුණොත්, මේ 2026 අවුරුද්දේදී ඔහු තමන්ගේ අවසාන ඉලක්කයට ඇවිත් ආපහු තමන්ගේ ගෙදරට යාවි. ඒක ඉතිහාසයේ කෙනෙක් ඇවිදපු දීර්ඝතම පා ගමන විදිහට රන් අකුරින් ලියැවෙනවා නොඅනුමානයි.