දින හයක් අතුරුදහන්ව සිටි 20 හැවිරිදි තරුණයෙකුගේ සිරුරක් පොලිසිය සොයාගෙන තිබෙනවා.
මෙසේ සොයාගෙන ඇත්තේ, ඉන්දියාවේ ගුජරාටයේ නඛත්රානා හි මුරු ගම්මානයේ පදිංචිව සිටි රමේෂ් මහේෂ්වරී නැමැති 20 හැවිරිදි තරුණයෙකුගේ සිරුරක්.
පොලිසිය විසින් මෙහෙයවූ පරීක්ෂණ අතරතුර ඔහුගේ මිතුරෙකු වූ කිෂෝර් පිළිබඳවයි සැක පහළ වී ඇත්තේ.
ප්‍රශ්න කිරීම්වලදී, කිෂෝර් මෙම ඝාතනය පිළිගෙන ඇති අතර, කාන්තාවක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් නිසා තමා රමේෂ්ව ඝාතනය කළ බව පවසා තිබෙනවා.
කිෂෝර් ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ අදාළ කාන්තාවට පණිවිඩ යවමින්, ඔහු සමග සම්බන්ධතාවක් පවත්වන ලෙස බලපෑම් කර ඇති බවටයි වාර්තා වෙන්නේ.
ඇය මේ බව රමේෂ්ට දැනුම් දීමෙන් පසු මිතුරන් දෙදෙනා අතර ඇතිවූ ගැටුම නිසා කෝපයට පත් කිෂෝර් විසින් රමේෂ්ව ඝාතනය කිරීමට තීරණය කර ඇති බවයි පොලිසිය සඳහන් කර ඇත්තේ.
පසුව, කිෂෝර් විසින් රමේෂ් ගම්මානයෙන් පිටතට රැගෙන ගොස් ඝාතනය කර, පිහියක් භාවිත කර හිස, අත් සහ පාද කපා දමා තිබෙනවා.
කපා දැමූ ශරීර කොටස් ගැඹුරු ළිඳකට දමා ඇති අතර, ඉතිරි සිරුරු කොටස් ඒ ආසන්නයේම වළ දමා තිබී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
කිෂෝර්ගේ පාපොච්චාරණය මත ක්‍රියාත්මක වූ නඛත්රානා පොලිසිය සහ දිස්ත්‍රික් පරිපාලනය විසින් පසුගිය සඳුදා එම ස්ථානයට ගොස් වළ දැමූ සිරුරේ කොටස් සහ ළිඳට දමා තිබූ කැබලි ද සොයාගෙන තිබෙනවා.
මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.