ඔබ විශ්වාස කරනවද පවුල් 350ක පමණ විශාල පිරිසක් විදුලිය, ජලය ඇතුළු පහසුකම් නොමැතිව දින 12ක් තිස්සේ හුදෙකලා වී වාසය කරනවා කියන කාරණය.
ඔව් ඒ කාරණය ඇත්ත. නායයෑම්වලින් පසු ප්රවේශ මාර්ග අවහිර වීමෙන් හුදෙකලා වූ කඳුකරයේ ගම්මාන පිළිබඳව තවමත් බලධාරීන්ගේ නිසි අවධානයක් යොමු වීමක් වෙලා නෑ.
එවැනි අසීරුතාවන්ට මුහුණ පෑ මීගහකිවුල - ඇකිරිය ගම්මානයේ පවුල් 350ක පමණ ජනතාව තවමත් දිවි ගෙවන්නේ විදුලිය, ජලය ඇතුළු පහසුකම් නොමැතිවයි.
හිරු ප්රවෘත්ති කණ්ඩායම කිලෝමීටර් 20ක පමණ දුරක් පාගමනින් එම ප්රදේශයට ළඟා වුණේ ඔවුන්ට අත්ව ඇති ඉරණම පිළිබඳව සොයා බැලීම සඳහායි.
දැනට දින 12කට පමණ පෙර මේ පාරවල් සුන්දර ලෙස පවතින්නට ඇති. මේ ගම්මානයට මේ ඉරණම අත්වුණේ කඳු කිහිපයක් එකවර මාර්ගයට නායයෑමෙන්.