දෙහිවල, "A ක්වාර්ටස්" ක්‍රීඩාංගනය අසලදී මීට මොහොතකට පෙර සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ මෙලෙස ජිවිතක්ෂයට පත් වූ පුද්ගලයා 34 හැවිරිදි දෙහිවල ප්‍රදේශයේ පදිංචි අයෙකු බවයි.
නාඳුනන තුවක්කුකරුවෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, වෙඩි තැබීමට යොදා ගත් ගිනි අවිය හෝ වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා දෙහිවල පොලිසිය ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.