පසුගිය ඔක්තෝබර් 22 වැනිදායින් හිටපු බස්නායක නිලමේ තැන්පත් ඩිෂාන් වික්රමරත්න ගුණසේකර මහතාගේ නිල කාලය අවසන් වුණා. ඉතින් දැන් හැමෝගෙම ඇස් තියෙන්නේ මේ දහතුන් වෙනි බස්නායක නිලමේවරයා කවුරු වෙයිද කියලා.
මේ හරිම වැදගත් තේරීම සිදුවෙන්නේ ලබන දෙසැම්බර් මස 09 වැනිදා මොනරාගල දිස්ත්රික් ලේකම් කාර්යාල ශ්රවණාගාරයේදී.
මේ මුළු නිලවරණ ක්රියාවලියම සිදුවෙන්නේ බෞද්ධ කටයුතු කොමසාරිස් කේ.එම්.ජී සේනාරත්න මහතාගේ ප්රධානත්වයෙන්. ඒ වගේම මුළු වැඩේම මොනරාගල දිසාපති ඒ.ජී නිශාන්ත මහතාගේ දැඩි නිරීක්ෂණය යටතේ තමයි සිද්ධ වෙන්නේ.
දහතුන් වෙනි බස්නායක නිලමේවරයා තෝරාගැනීමේ ඡන්දයේදී, කතරගම කිරිවෙහෙර රජමහා විහාරය, කතරගම වැඩසිටි කන්ද විහාරය,කතරගම ශ්රී අභිනවාරාමය,සෙල්ල කතරගම මහසෙන් රජමහා විහාරය, කතරගම දේවාලයේ වැඩ බලන බස්නායක නිලමේවරයා, බිබිල කොටබෝව කුඩා කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා,මොනරාගල දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම්වරුන් එකොළොස් දෙනා ඇතුළු දාහත් දෙනෙකු ඡන්දය ප්රකාශ කිරීමට සුදුසුකම් ලබලා ඉන්නවා.