දිවයින පුරා ඊසානදිග මෝසම් තත්ත්වය ආරම්භ වීමත් සමඟ අසාමාන්‍ය වැසි වැඩිවීමක් සිදු නොවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අනවශ්‍ය ලෙස කලබල වීම අවශ්‍ය නොවන බවයි එම දෙපාර්තමේන්තුව පවසා සිටින්නේ.
මේ අතර ජලයෙන් යටවූ අධිවේගි මාර්ගයේ අතුරුගිරිය පිවිසුම අද පෙරවරුවේ විවෘත කෙරුණා.
කැළණි ගඟ පිටාර ගැලීමත් සමඟ දොම්පේ ප්‍රදේශයට බලපෑ ගංවතුර ක්‍රමයෙන් අඩුවුව ද තිත්තපත්තර - මල්වාන සහ දොම්පේ - මල්වාන ඇතුළු මාර්ග කිහිපයක් තවදුරටත් ජලයෙන් යටව පවතිනවා.
එසේම, මහවැලි ගගේ ජල මට්ටම ද තවදුරටත් පහළ යමින් පවතිනවා.
එහෙත් දිඹුලාගල, තමන්කඩුව, වැලිකන්ද, ලංකාපුර, මැදිරිගිරිය, සේරුවිල, කන්තලේ, කින්නියා සහ මුතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත් බිම් මෙන්ම පොලොන්නරුව මනම්පිටිය, සෝමාවතිය පුදබිම අවට ප්‍රදේශය සහ ගල්ලෑල්ල ඇතුළු ප්‍රදේශ රැසක් තවදුරටත් ජලයෙන් යටවයි පවතින්නේ.
එමෙන්ම, කළු ගඟ ද්‍රෝණියේ ධාරා ප්‍රදේශ වන රත්නපුර, පැල්මඬුල්ල, නිවිතිගල, කුරුවිට, අයගම, ඇළපාත සහ කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, හොරණ, දොඩම්ගොඩ, මිල්ලනිය යන පහත්බිම් ප්‍රදේශ ද තවදුරටත් ජලයෙන් යටව පවතිනවා.