වෙන්නප්පුව ප්‍රදේශයේදී අනතුරට පත් වූ ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටරයේ නියමුවා ජීවිතක්ෂයට පත්ව ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසනවා.
ආපදා සහන මෙහෙයුමක යෙදී සිටියදී Bell 212 වර්ගයේ මෙම හෙලිකොප්ටරය අද 930) පස්වරුවේ ලුණුවිල සහ වෙන්නප්පුව අතර ප්‍රදේශයකදී අනතුරකට පත් වුණා.
අනතුර සිදුවන අවස්ථාවේදී හෙලිකොප්ටරයේ ගමන් කළ පස් දෙනා කඩිනමින් මුදාගෙන රෝහල්ගත කළ අතර, එහිදී හෙලිකොප්ටරය පැදවූ නියමුවා ජීවිතක්ෂයට පත් වූ බවයි ගුවන් හමුදාව සඳහන් කළේ.