ඇයත් මවක්.. ඒත් මේ වගේ තත්වයකට ඇය වැටුණේ කොහොමද.? කාගේත් හදවත් කම්පාවට පත්කළ ඒ සිද්ධිය මෙන්න මේ විදිහට විදෙස් මාධ්‍ය වාර්තා කරලා තිබුණා.
ඇය නවසීලන්ත කාන්තාවක්. තම දරුවන් දෙදෙනාගේ ඝාතකයා වුණු ඇයට නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි අධිකරණයක් මඟින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබුණා. මේ අන්න ඒ සිදුවීම ගැන ඇසෙන කතාවයි.
තම දරුවන් දෙදෙනා ඝාතනය කර ඔවුන්ගේ සිරුරු ගමන් මලුවල සඟවා තැබූ නවසීලන්ත මවකට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබෙනවා.
45 හැවිරිදි මෙම කාන්තාව සැමියා පිළිකා රෝගයකින් මිය ගොස් මාස කිහිපයකට පසු මෙලෙස තම දරුවන් දෙදෙනා ඝාතනය කර තිබුණා.
ඇය අධිකරණය හමුවේ පැවසුවේ 2018 දී සිය සැමියා මිය ගිය වහාම උමතු බවින් තමා මෙම ඝාතන සිදුකළ බවයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ අට හැවිරිදි 'යූනා ජෝ' සහ හය හැවිරිදි 'මිනු ජෝගේ' යන දරුවන් දෙදෙනා බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.