වසර 2020 අමෙරිකානු ජනාධිපතිවරණය පරාජයෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදු කරනු ලැබූ කතාවක් විකෘති කර සංස්කරණය කරමින් වාර්තාමය චිත්‍රපටයක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට එල්ල වුණු චෝදනාව නම් දරුණු වූවක්.
මේ හේතුවෙන් බීබීසී මාධ්‍ය සමාගමේ අධ්යක්ෂ ජනරාල් ටිම් ඩේව් සහ එහි ප්රවෘත්ති අංශයේ ප්‍රධානි ඩෙබෝරා ටර්නස් සිය තනතුරුවලින් ඉල්ලා අස් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
ඔවුන් ඉල්ලා අස් වී ඇත්තේ වොෂින්ටන් නුවර කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදීමට සහ කැරැල්ලක් ඇති කිරීමට සිය හිතවාදීන් දිරිගන්වන අයුරු ඉස්මතු වන ආකාරයෙන් ට්‍රම්ප්ගේ කතාව විකෘති කළ බව බ්‍රිතාන්‍ය ටෙලිග්රාෆ් පුවත් සේවය සිදු කළ අනාවරණයකින් පසුව බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කතාව විකෘති කිරීමේ චෝදනාවට වගකිව යුතු බව පිළිගනිමින් බීබීසී මාධ්‍ය සමාගමේ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස වසර 5ක කාල සීමාවක් සේවය කළ ටිම් ඩේව් සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇත්තේ එය සම්පූර්ණයෙන්ම ඔහුගේ තීරණයක් මත සිදු කළ බවට ප්‍රකාශයක් නිකුත් කරමින් බව ද වාර්තා වෙනවා.
එම චෝදනාව එල්ල වීමෙන් බිබීසී මාධ්‍ය සමාගමේ කීර්තිනාමයට හානියක් සිදුවීම සම්බන්ධව වරද පිළිගන්නා බව සිය ඉල්ලා අස්වීම නිවේදනය කරමින් ප්රවෘත්ති අංශයේ ප්‍රධානි ඩෙබෝරා ටර්නස් ප්‍රකාශ කර ඇතැයි ද සඳහන්.