අදාළ පුද්ගලයින් 6දෙනා කෙහෙල්උල්ල ප්‍රදේශයේ කඩුපහර නම් ගම්මානයේ ලොරි රථයක් තුළ මත්ද්‍රව්‍ය පානය කරමින් සිට ඇති අතර ඔවුන්ගේ මෙම ක්‍රියා කලාපයට ගම්වාසීන් දෙදෙනෙකු විරෝධය දක්වා තිබෙනවා.
ඒ හේතුවෙන් උරණ වූ බීමතින් සිටි අදාල පුද්ගලයන් හයදෙනා විසින් එම විරෝධය දැක්වූ ගම්වාසීන් දෙදෙනාට පහර දී, ලොරි රථයට යට කර ඝාතනය කර ඇති බවයි සඳහන් වන්නේ.
මෙම සිද්ධිය 2015 වසරේ අප්‍රෙල් 15 වැනිදා සිදු වී ඇති අතර අද (10) එම පුද්ගලයින් 6 දෙනා සඳහා අම්පාර මහාධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කර තිබෙනවා.