හැබැයි අද වගේ දවසක ඉතා දුක්බර සිදුවීමක් දඹුල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙලා තියෙනවා. ඇයත් අද විභාගයට යන්න ලෑස්ති වෙලා තමයි ඉදියේ. අද පටන්ගන්න විභාගයට තමන් පාඩම් කරපු කරුණු රාත්‍රියේ නැවත මතකාවර්ජනය කරමින් තමයි ඇය ඉන්නට ඇත්තේ .
ඇය මෙහෙම ඉද්දි එක පාරටම නින්දට වැටෙනවා. හැබැයි ඇයවත් හිතන්නට නැතුව ඇති මේ නිදා ගන්නේ අවසන් නින්ද කියලා.
ජීව විද්‍යාව අංශයෙන් පෙනී සිටීමට නියමිතව සිටි ඇය හදිසියේම ජීවිතක්ෂයට පත් වෙනවා.
ඊයේ රාත්‍රියේ අධ්‍යාපන කටයුතු සිදුකරමින් සිට රාත්‍රී නින්දෙන් පසු උදෑසන අවදි නොවීම හේතුවෙන් දෙමාපියන් සොයා බැලීමේදී ඇය කාමරයේ සිහිසුන්ව සිට තිබෙනවා.
ඒ හේතුවෙන් එම ශිෂ්‍යාව දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමටයි දෙමාපියන් පියවර ගෙන තිබුණේ. දෙමාපියන් මොනම වෙලාවකවත් හිතුවේ නෑ තමාන්ගේ දියණිය මේ ලෝකෙන් ගිහිල්ලා කියලා.
හැබැයි ඇය රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට තිබෙනවා. අද ලස්සනට සුදු ගවුම ඇදලා විභාගයකට යන්න හිටපු ඇය අවසානයේ සියලු දෙනා හඬවමින් ජිවිතයෙන් නික්ම ගොසින් තිබුණා.