එම 73 හැවිරිදි මෙම පුද්ගලයා බිරිද සමග බහින් බස් වී නින්දට ගොස් ඇති අතර අලුයම 2 ට පමණ අවදි වී සිය බිරිදගේ හිසට පහර දී තිබෙන බවයි වාර්තා වන්නේ.පොරවේ පහරින් තම බිරිද මිය ගිය බව සිතා එම පුද්ගලයා නිවසේ ළිදට පැන සිය දිවි හානි කරගෙන තිබෙනවා.
පහර කෑ කාන්තාවගේ ඥාතියෙකු කැමරාවක් මගින් නිරීක්ෂණය කිරීමෙන් පසුව ඒ බව අසල්වාසීන්ට දුරකතන පණිවුඩයකින් දැණුම් දී තිබුණ අතර අසල්වැසි පිරිස් පැමිණ බරපතල ලෙස තුවාල ලබා සිටි කාන්තාව මුලතිව් මාංචෝලේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඇයගේ තත්ත්වය බරපතල බැවින් යාපනය ශීක්ෂණ රෝහල වෙත මාරු කොට යවා තිබුණා.
මියගිය සැමියාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය යාපනය ශීක්ෂණ රෝහලේදී පැවති අතර එම මරණය දියේ ගිලීමෙන් සිදු වූ මරණයක් බවට නිගමනය කොට තිබෙනවා. බරපතල ලෙස තුවාල ලැබූ කාන්තව යාපනය ශීක්ෂණ රෝහලේ ප්රතිකාර ලබන අතර සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලීසිය පරීක්ෂණ ආරම්හ ඇත.