දුලීකා මාරපන ඒ සටහන තබා තිබුණේ මෙන්න මේ විදිහටයි.
" අපි තුන් දෙනා ....හැමෝම ඇහුවනෙ ඇයි අම්මගෙ පින්තූරයක් නැත්තෙ කියල... මේන් දැම්ම සමහරු කියන්නෙ මං අම්ම වගේ කියල. ඒත් අම්ම කියන්නෙ මං අප්පච්චි වගේ කියල. ඒ දෙන්නම වගේ කියල තමා මට හිතෙන්නෙ. එහෙම වෙන්නම එපෑ...
ඒ දෙන්නම හොද පෞරුෂයන් තිබුණ දෙන්නෙක්. දෙන්නම දැන් මේ ලෝකෙන් සමු අරගෙන, එහෙම තමයි ජීවිතේ.
ඉස්සර අපි කියන්නෙ අයියෝ අත්තම්ම නැති වුණා නැතිනම් අත්ත නැති උනා කියල. දැන් අපි අම්ම නැති වුණා නැතිනම් අප්පච්චි නැති වුණා කියනවා.... තව ටිකකාලෙකින් අපි ...ඉතින් තේරුම් ගමු. කාලෙ ඉක්මනින් ගෙවෙනව ...... ප්රමාද වෙන්න එපා ."