හොරණ නගර සභාව මඟින් පවත්වන ලද සාහිත්‍ය මහෝත්සවයේ ප්‍රධාන දේශනය කිරීමට පැමිණි ප්‍රවීණ ගී පද රචක , ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ මහතා ගේ වතුර වීදුරුවට කෙල ගැසූ පුවතක් හොරණ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
පසුගිය ඔක්තෝබර් 31 දින පස්වරුවේ හොරණ නගර සභා සාහිත්‍ය මහෝත්සවය නගර ශාලා ශ්‍රවණාගාරයේ දී පවත්වා ඇති අතර එදින පස්වරු 3.30 ට එතුමා ගේ දේශණය පැවැත්වීමට නියමිතව තිබෙනවා.
පැය 3කට වැඩි වේලාවක් ඒ සඳහා අවස්ථාව ලබාදී නොමැති බැවින් සංවිධායක මණ්ඩලයේ කිහිප දෙනෙකුට ඒ මහතා දොස් පවරා තිබෙනවා. පසුව රාත්‍රි 7 ට පමණ දේශනය සිදුකිරීමට අවස්ථාව ලබාදී ඇති අතර, එතුමා වතුර වීදුරුවක් රැගෙන එන ලෙස රියදුරුට දන්වා ඇති බව රත්න ශ්‍රී විජේසිංහ මහතා සදහන් කළා.
පසුව උත්සවයේ සංග්‍රහ කටයුතු සදහා නම්කර සිටී කාන්තාවන් දෙදෙනා වතුර වීදුරුව රැගෙන යාමට සූදානම්ව සිටියදී සංවිධායක මණ්ඩලයේ සිටී අයෙක් වතුර වීදුරුවට කෙල ගසන ආකාරය දැක ඔවුන් දෙදෙනා වතුර වීදුරුව රැගෙනයාම ප්‍රතික්ෂේප කර හඩාවැටී ඇති බවද පැවසෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ රත්න ශ්‍රී ව්ජේසිංහ මහතා :
දේශනය කරන්න මට ආරාධනා කල වේලාවට විනාඩි 30 කට පෙර පැමිණියා. මගේ දේශනය පැයකට වඩා ප්‍රමාද වුණා.නිවේදකයා අනවශ්‍ය දේවල් කියව කියව හිටියා. ඒ සම්බන්ධයෙන් මම සංවිධායක මණ්ඩලයට මගේ විරෝධය සදහන් කළා.
මේ සම්බන්ධයෙන් හොරණ නගරාධිපති වරයා සම්බන්ධ කරගැනීමට අවස්ථා කිහිපයකදී උත්සහ කළද නොහැකිවූ අතර, සිද්ධිය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙසට නගර සභාවෙන් ඉල්ලා සිටීයා.
ප්‍රවීණ ගී පද රචක රත්න ශ්‍රී විජේසිංහ මහතාගේ වතුර වීදුරුවට කෙළගැසීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන බව හොරණ නගරාධිපති අනිල් ඉන්දික පවසනවා.