Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
15
ඒක තුන්කොන් මෙහෙයුමක්.. දුරකතන ගුණ්ඩුවෙන් අතටම අල්ලාගත් ඉෂාරා කොටු කරගත්තේ මෙන්න මෙහෙමයි..

- ඒක තුන්කොන් මෙහෙයුමක්.. දුරකතන ගුණ්ඩුවෙන් අතටම අල්ලාගත් ඉෂාරා කොටු කරගත්තේ මෙන්න මෙහෙමයි..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

92 Views

ඒ සිද්ධිය ගැන බොහෝ දෙනෙක් ඊයේ සිට කතා වෙනවා මේ කියන්න යන්නේ ඇය හසුවූ පොලිස් මෙහෙයුම ගැන ඇසෙන තවත් එක් විශේෂ ආරංචියක්.


කොළඹ අලුත්කඩේ අධිකරණ අංක 05 ශාලාවේදී ගනේමුල්ල සංජීව නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු තවත් සැකකරුවන් හය දෙනකු නේපාලයේදී කොටුකරගෙන ඇත්තේ විශේෂ තාක්ෂණික මෙහෙයුමකින් ස්ථාන තුනකදී බව පොලිස් වාර්තා පවසනවා.

නේපාල රජයේ සහාය සහිතව ලබාගත් පරිගණක දත්ත විශ්ලේෂණ සහ භූමියේ ඇති බුද්ධි තොරතුරු මත ක්‍රියාත්මක වෙමින් ශ්‍රී ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ බුද්ධි අංශ නේපාල පොලිස් දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

ඉෂාරා සෙව්වන්දි කොටුකර ගන්නේ නේපාලයේ කත්මණ්ඩු නුවර සිට කිලෝ මීටර් 19ක් පමණ දුරකින් පිහිටි තට්ටු නිවාසයක රැඳී සිටියදී බව විමර්ශකයින් සඳහන් කරනවා. ‍ඒ ඉකුත් සෙනසුරාදා කළ විශේෂ මෙහෙයුමකදී.

මෙම මෙහෙයුමට සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් සම්බන්ධ වී තිබෙනවා. ඔවුන් දෙදෙනා නේපාලය බලා ගමන්කර ඇත්තේ පසුගිය සෙනසුරාදා. නේපාල පොලීසිය සමඟ එදිනම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුණු බවට වාර්තා වෙනවා.

මෙහෙයුම සිදුවන විට ඉෂාරා සෙව්වන්දි රැඳී සිට ඇත්තේ තට්ටු නිවාස සංකීර්ණයක. ඇයව එම නිවාස සංකීර්ණයෙන් පිටත ස්ථානයකට ගෙන්වා ගෙන අත්අඩංගුවට ගැනීම සිදුව තිබෙනවා. මේ සඳහා ඉතා රහසිගත මෙහෙයුමක් ක්‍රියාත්මක වී තිබුණා. ඇය නිවසින් ඒළියට එන්නේ දුරකථන ඇමතුමකට අනුවයි. එම ඇමතුම ද මෙම මෙහෙයුමේම කොටසක්.

ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එම තට්ටු නිවාසයේ ජේ. කේ. බායි නමැත්තාද සිට ඇති බවට පොලිස් විමර්ශනවලදී වාර්තා වුණා.

මෙමසිද්ධියේ විශේෂත්වය වූයේ සෙව්වන්දි අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඇය රැඳී සිටි නිවසටත් පොලිස් කණ්ඩායම ගිහින් තිබුණා. ඒහිදී ඇගේ මුහුණ යොදා වෙනත් රටක පුරවැසි කාන්තාවක් ලෙස සකස් කළ විදෙස් ගමන් බලපත්‍රයක්ද එම නිවෙසේ තිබී හමුවු බව පොලිස් විමර්ශකයින් සඳහන් කරන්නක්.

ඇය ඒම විදෙස් ගමන් බලපත්‍රයෙන් යුරෝපීය රටකට පළායාමටයි සූදානම්ව සිට ඇත්තේ.

ගනේමුල්ලේ සංජීවගේ ඝාතනයෙන් අනතුරුව ස්ථාන ගණනාවකම රැදී සිට ඇති සෙව්වන්දි පසුව මුහුදු මාර්ග ඔස්සේ පලා ගොස් ඇත්තේ ඉන්දියාවටයි. මේ සම්බන්ධයෙන් සියලු තොරතුරු සඳහන් කර තිබුණේ මේ වන විට රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරන කෙහෙල්බද්දර පද්මේගෙන්.

විමර්ශකයින් සඳහන් කරන ආකාරයට ඉන්දියාවේ සිට ඇය නේපාලයට ඇතුළු වී ඇත්තේ දේශ සීමා ඔස්සේ හොර රහසේ. ඇයට විදෙස් ගමන් බලපත්‍රය ලැබී ඇත්තේ නේපාලයේදී. ඒ සඳහා සියලු පහසුකම් සපයා ඇත්තේ කෙහෙල්බද්දර පද්මේ.

මෙම මෙහෙයුමේදී ඊළඟට අත්අඩංගුවට ගන්නේ ඇයට නේපාලයේදී පහසුකම් සහ රැකවරණය ලබාදුන් පුද්ගලයා. ඔහු යාපනයේ පදිංචි දෙමළ ජාතිකයෙක්. ඔහු ඉහත කී බායි නමැත්තා බව පැවසෙනවා.

ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කළ ප්‍රශ්න කිරීමේදී නේපාලයේ නීති විරෝධිව රැදී සිටින පාතාලයේ මත්කුඩු ජාවාරම්වලට සම්බන්ධ ශ්‍රී ලාංකික තවත් පුද්ගලයින් සිව් දෙනකු සම්බන්ධයෙන් තොරතුරු හෙළි වී තිබෙනවා.

දෙවැනි සහ තෙවැනි වැටලීම් ඒ් අනුව ක්‍රියාත්මක වී තිබෙනවා. ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගත් ස්ථානයේ සිට තවත් කිලෝ මීටර් 12ක් පමණ දුරකින් එම වැටලීම් ක්‍රියාත්මක වෙලා තියෙනවා.‍ එම වැටලීම් දෙකේදී අත්අඩංගුවට ගත් අය අතර ඉෂාරාගේ හැඩ රුවට සමාන කාන්තාවක්ද ඉඳලා. ඇය සුවිශේෂි තැනැත්තියක් බව සඳහන්. ඇය සම්බන්ධයෙන් වැඩි තොරතුරක් තවමත් අනාවරණය වන්නේ නැහැ.

අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් අතර ද යාපනයේ දෙමළ වැසියෙක් ඉන්නවා. සෙසු දෙදෙනා ගම්පහ සහ කොළඹ නුගේගොඩ පදිංචිකරුවන්.

මේ විමර්ශකයින් තවමත් රැඳී සිටින්නේ නේපාලයේ. හෙට දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තවත් නිලධාරීන් දෙදෙනෙක් නේපාලයට යාමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව අත්අඩංගුවේ සිටින මෙම සැකකරුවන් 06 දෙනා මෙරටට රැගෙන ඒ්මට නියමිතයි.

ඇතැම් විට ඉෂාරා සෙව්වන්දි ඇතුළු මෙම පිරිස හෙට (15) දින ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ගුවන් යානයෙන් මෙරටට රැගෙන එනු ඇතැයි වාර්තා වෙනවා.

මෙරට අපරාධ සිදුකර විදෙස් ගතව සිටින සැකකරුවන් සඳහා පොලිස් දෙපාර්තමේන්තුව මේ වන විට රතු නිවේදන 40කට ආසන්න ප්‍රමාණයක් නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්. යූ. වුට්ලර් මාධ්‍ය හමුවක් පවත්වමින් අද (14) සඳහන් කළා.

2005 වසරේදී පමණක් රතු නිවේදන නිකුත්කර තිබූ අපරාධකරුවන් 18 දෙනකු මෙරටට රැගෙන ඒමට හැකිවූ බව ද මාධ්‍ය ප්‍රාකාශකවරයා පැවසුවා.

ඔහු සඳහන් කළේ ඉෂාරා සෙව්වන්දි නමැත්තිය අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ පොලිස් කණ්ඩායමක් නේපාලය බලා පිටත් වූයේ මීට දින දෙකකට පෙර බවයි.

ඉෂාරා සෙව්වන්දි නමැත්තියට ද රතු නිවේදන නිකුත් කර තිබූ අතර මෙම මෙහෙයුම ඉතාමත් රහසිගතව මෙන්ම සැලසුම්සහගතව සිදු කළ ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

ශ්‍රී ලංකා පොලීසිය, ඉන්දුනීසියානු පොලිසිය සහ ජාත්‍යන්තර පොලීසිය සම්බන්ධව මන්දිනු පද්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පද්මේ, නිංග සම්පත් සිල්වා නොහ‍ොත් පානදුරේ නිලංග සහ සාලින්ත මධුෂාන් පෙරේරා නොහොත් කමාන්ඩෝ සාලින්ත ඉන්දුනිසියාවේ ජාකර්තා හිදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආවා. මේ වන විට ඔවුන් රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටිනවා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top