මදුරුවෝ කන හින්දා හරි හැටි නින්දක් නෑ.. ඒ විතරක් නෙමෙයි... ඩෙංගු වගේ උණක් හැදුනොත් ආයේ.. ඉතිං අහන්නත් දෙයක් නෑ.. මොනතරම්නම් අපහසුතාවයකට පත් වෙනවද? පොඩි අයව මදුරු කරදරෙන් බේරගන්න වෙනවම මහන්සි වෙන්න වෙනවා...
ඉතින් බුද්ධිමත් මිනිසුන් ලෙස අපට මේගැන මනාව සැලකිලිමත් වීමට සිදුවෙනවා. මේ කියන්න හදන්නේ මදුරු කරදරයට ගෙදරින් පටන් ගන්න පුළුවන් මෙහෙයුමක් ගැනයි....
මදුරුවන් බෝවෙන තැන් මොනවාද ?
ජලය රැඳුනු ඉවත ලන භාජන , ටයර් ආදිය, අවහිර වූ වැහි පිහිලි, වතුර රැස් කරන බැරල් ආදී උපකරණ, පක්ෂි නාන තටාක, භාවිතා නොකරන වැසිකිලි , නාන තටාක , වැසි ආවරණ සහ පොලිතීන්, මල් වාස්..
මදුරුවන් බෝවීම වැලැක්වීමට කළ හැකි දේවල්.
සතියකට වරක් පවුලේ ශ්‍රමදානයක්
සතියකට වරක් නිවාඩු දවසක පැයක් දෙකක් වැය කර වත්ත සහ ඒ අවට පිරිසුදු කරමු.මේ සඳහා පවුලේ සියලු දෙනාටම සහභාගී වෙන්නට පුලුවනි.ඒ වගේම විශේෂ කෑමක් සමග එය පවුලේ විශේෂ දවසක් විදියට සැලසුම් කලොත් සියලුම දෙනා ආසාවෙන් සහභාගි වෙයි.ඉවතලන සැමන් ටින් ආදී ජලය රැඳෙන උපකරණ වැසුම් සහිත බාස්කට් වලට රැස් කරන්න.එය ඔබට අමතර ආදායමක් ද වෙන්න පුලුවන්.
වතුර රැඳෙන පැලෑටි නොතෙමෙන තැන්වල තබන්න.
වතුර පසට පමණක් එක්කරන්න.
රම්පා වැනි ගස් ඔහේ වැවීමට නොදී තමනට අවශ්‍ය ප්‍රමාණය පමණක් තබා ගන්න.ගස්වල යටි පෙදෙස පැලීමෙන් වතුර රැඳෙන්නේ නැහැ.
නෙලුම් මල් වවන පෝච්චි,පොකුණු ආදියේ මසුන් ඇතිකරන්න.ඔවුන් මදුරු කීටයන් ආහාරයට ගන්නවා.
මදුරු විකර්ශක පැලෑටි වගා කරන්න.
කොල ආදිය දිගුකල් එක තැනක රැස් නොකර ගිනි තබන්න.
නිවසේ සිටින කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වා මේ ගැන කතා කිරීම වැදගත්.මොකද මේ සියල්ලටම හේතුව මිනිස් ක්‍රියාකාරකම් නිසා.
ඒ වගේම කුඩා දරුවන්ගේ සමට අහිතකර නොවන මදුරු විකර්ශක ආලේපයක් වැසි සහිත දිනවල නිවසේදී මෙන්ම පාසැල් යනවිට ආලේප කර යවන්න ට හැකිනම් වඩාත් ආරක්ෂිතයි.
ඩෙoගු රෝගය ආදී රෝග වල පූර්ව ලක්ෂණයන් පිලිබද දරුවන්ව හොඳින් දැනුවත් කර තබන්න.
මදුරුවන් හැසිරෙන වේලාවල් ගැන දැනුවත් කරන්න.අවට මදුරු ගහනය වැඩි නම් වේලාසනින් නිවසේ ජනෙල් දොරවල් වසන්න.
සවස් කාලයේ එලිමහන් ක්‍රීඩා හෝ ක්‍රියාකාරකම් අවම කරන්න.
අත් කකුල් දිග ඇඳුම් තාවකාලික පිලිමයක් ලෙස සලකන්න පුලුවන්.
දෙහි කොල,ලෙලි ආදිය පුච්චා දුම් නිවසේ අහුමුලු වලට අල්ලන්න.(හුස්ම ගැනීමේ අපහසුව ඇති නොවෙන පරිදි.)
මේ දේවල් කරලා බලන්නකෝ....
අන්තර්ජාලයෙන්...