Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
12
අත්භූත යටියන වලව්වේ කාලයේ වැලිතලාවෙන් වැසීගිය කතාව මෙන්න ...

- අත්භූත යටියන වලව්වේ කාලයේ වැලිතලාවෙන් වැසීගිය කතාව මෙන්න ...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

62 Views

මේ කියන්න හදන්නේ වලව්වක් ගැන කතාවක්... 


වර්තමාන සමාජයෙන් වලව් සංස්කෘතිය මුලින්ම වැනසී ගොස් තිබුණත් කලකට පෙර මෙරට බලය තේජස පැතිරවුයේ වලව්වල උදවිය...

ඉතිං අදටත් අපි එම සංස්කෘතිය ගැන කතා බහ කරනවා.

ඒ අනුව අද අපි කතා කරන්න හිතුවා දකුණේ යටියන ප්‍රදේශයේ පිහිටා තිබෙන තවත් අබිරහස් වලව්වක ස්වභාවය උසුලන සිසිරගිරි වලව්ව හෙවත් යටියන වලව්ව ගැන.

යටියන තවමත් නොදියුණු ගම්මානයක් වුව ද, යටියන යන නාමය දෙස් විදෙස්හි පවා ප්‍රචලිත වූ නමක් වුණා. එය එසේ සිදුවීමට හේතුව වූයේ යටියන මහත්තයා නමින් හැඳින්වූ පුද්ගලයෙක් නිසා... හරි අපි කතාවට යමු... මේ වලව්ව එක්ක අනිවාර්‍යෙන්ම කියැවෙන නමක් තමයි යටියන මහත්මයා කියන්නේ... දැන් ඔබට කියන්න හදන්නේ මේ වලව්වේ ආදීතම සාමාජිකයා වුණු යටියන මහත්මයා ගැන...

යටියන මහත්තයා

යටියන මහත්මයා ජිවත් වුණේ මාතර දිස්ත්‍රික්කයේ... මාතර ඉඩම් හිමි විශාල ධනවතකු වූ යටියන මහත්තයා ලෙස හැඳින් වූ ඩී.ඒ.රණවිරට අයත් නිවස තමා සිසිරගිරි වලව්ව ලෙස හඳුන්වන්නේ.

මුලින්ම සිසිරගිරි වලව්ව ලෙස හැඳින්වුවත් පසු කාලීනව එය යටියන වලව්ව ලෙස ප්‍රසිද්ධ වුණා.

දෙමහල් නිවසක් වූ මෙය එංගලන්ත වාස්තු විද්‍යාත්මක සැලැස්මකට අනුව ඉදි කර තිබෙනවා.

යටියන මහත්තයා සුදු වේට්ටිය සහ කබාය හැඳි ගැමියකු වූ අතර ඔහු එවකට එංගලන්ත සුදු ජාතිකයින් හා තරග කර වෙනම වතු අධිරාජ්‍යයක් බිහිකළ ධනවතෙක් බවටයි පැවසෙන්නේ ....

පසුව ඔහු මහනුවර රැජන හෝටලය ද මිලදී ගෙන තිබෙනවා.

ඔහුට මාතර, හැටන්, නුවරඑළිය ආදී ප්‍රදේශ රාශියක තේ, රබර් වගා අක්කර දස දහසකට වඩා තනි අයිතිය යටතේ තිබුණු බව පැවසෙනවා. ඔව් තනි අයිතිය යටතේ... ඩී.ඒ.රණවිර කලක් මොලොද්දුව ගම් සභාවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කර තිබෙනවා.

යටියන වලව්වෙ අභිරහස

යටියන කියන නම දේශීය වගේම විදේශීයවත් ජනප්‍රිය නමක්නේ . ඒ යටියන මහත්තයා නිසා.... ඔහු මහා ගාම්භීර තේජසක් සහිත පුද්ගලයකු බවත්
කලින් අපි කියපු විදිහට මෙරට තේ වතු රබර් වතු බොහොමයක තනි අයිතිකරුවා වූ බවටත් පැවසෙනවා.ඒ අනුව ඔහු විශාල ධනස්කන්ධයකට හිමිකම් කියූ පුද්ගලයෙක්.යටියන මහත්තයට මෙලෙස විශාල ධනස්කන්ධයක් ලැබීම ගැන ප්‍රචලිත කතාව ඉතා රසවත්. දැන් කියන්න හදන්නේ ඒ කතාව...

යටියන මහත්තයා මුලින්ම ජීවත් වෙලා තියෙන්නෙ යටියන කියන ඉඩමේ ඉහළ කදු මුදුනක තිබුණ පුංචි නිවසකයි....

ඒ කාලයේ ළග පාත තිබුණු ඉඩමක ළිඳකින් තමයි ඔවුන් වතුර අරගෙන තිබුණෙ.

දවසක් යටියන මහත්තයගෙ බිරිඳ ඒ කියන්නෙ කම්බුරුපිටිය හාමිනේ වතුර කළයක් ගේන්න ගිහින් එනකොට ඇදගෙන හිටිය රෙද්ද ලිහිල් වෙලා.

පස්සෙ හාමිනෙ එක හදා ගන්න කළය බිම තියෙලා.ආපහු කලය ගන්න බලද්දී හාමිනේට අමුතු දෙයක් දකින්න ලැබිලා තියෙනවා.ඊට පස්සෙ යටියන හාමිනේ හයියෙන් කෑ ගහලා තියෙනවා.ඒ සද්දෙට යටියන මහත්තයා හාමිනේ ඉන්න දිහාවට දුවගෙන යද්දී යටියන මහත්තයත් පුදුමයට පත්වෙන දෙයක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ.

ඒ තමයි කම්බුරුපිටියෙ හාමිනේගේ වතුර කළය බුබුළු දමමින් උතුරනවා ඔහු දකිනවා.යටියන මහත්තයා වහාම මේ ගැන නැකැත් කරුවන්ගෙන් විමසනවා.

කලය උතුරපු ස්ථානය ඉතා බලවත් ස්ථානයක් බවත් ඒ නිසා එය මැදි වෙන්න නිවසක් හදන ලෙසත් ඔවුන් උපදෙස් දීලා තියෙනවා.
යටියන මහත්තයා ඒ උපදෙස් පිළිපදිමින් එම ස්ථානයේ නිවසක් ඉදි කරලා.

එතනින් පස්සෙ තමයි ඔවුන් ඉතා ධනවතුන් වෙන්න පටන් අරං තියෙන්නෙ.පසුව මහනුවර ක්වීන්ස් හෝටලය පවා ඔහු මිලදී අරගෙන තියෙනවා.


යටියන මහත්තයා, මහනුවර ක්වීන්ස් හෝටලය මිලදී ගැනීම

මහනුවර ක්වීන්ස් (රැජින) හෝටලය ඔහු මිලදී ගත් කතාව ද ඉතා රසවත්. මහනුවර ක්වීන්ස් හෝටලය මිලදී ගන්නා අවස්ථාවේ, යටියන මහත්තයා ටුවිට් රෙද්දත්, සුපුරුදු සුදු කබාය ද හැඳ පසෙකට වී බලා සිට තිබෙනවා.

ක්වීන්ස් හෝටලය විකිණීමට වෙන්දේසි කරන සුදු ජාතිකයා ලංසුව තියන විට, යටියන මහත්තයා ලංසුව වැඩිකර ඉල්ලා තිබෙනවා.

මේ රෙදි කෝට්කාරයාට ක්වීන්ස් හෝටල මිලදී ගත හැකිදැයි සුදු ජාතිකයා උපහාසයෙන් සිනාසි තිබෙනවා.

වෙන්දේසියේදී වැඩිම මිල ගෙවා යටියන මහත්තයා ක්වීන්ස් හෝටලය මිලදී ගෙන උපහාසයට සිනාසුණු සුදු ජාතිකයාගෙන් ” ඔබට සල්ලි ඕන මොන රටේ බැංකුවකින් ද?” අසා තිබෙනවා.

ඒ වන විට එංගලන්තය ආදී රටවල බැංකුවල මුදල් තැන්පත් කර තිබූ යටියන මහත්තයාගේ තත්ත්වය හරිහැටි දැනගත් සුදු ජාතිකයා විශාල ලැජ්ජාවකට පත්වුණා.

ඒ වන විටත් යටියන මහත්තයට මාතර, හැටන්, නුවර එළිය ආදී බොහෝ ප්‍රදේශවල තේ, රබර් වගා අක්කර දස දහසකට වඩා තනි අයිතිය යටතේ තිබුණු බව කියවෙනවා .

එලෙස වූයේ යටියන සිසිරගිරි වලව්වේ භූමි වාසනා බලයෙන් බව ද බොහෝදෙනා ගේ විශ්වාසයයි .


යටියන මහත්තයා ජගුවර් මෝටර් රථ මිලදී ගැනීමේ කතාව

දිනක් යටියන මහතාට ලංකාවට අලුත් ම වර්ගයේ ජගුවර් කාර් තොගයක් ගෙන්වා ඇති බවට ආරංචියක් ලැබී තිබෙනවා.

ඔහු එම ජගුවර් ගෙන්වා ඇති ආයතනය වෙත ගොස් එතැන කළමනාකරුගෙන් මේ ජගුවර් එකක් කීයදැයි විමසා ඇත.

එයට රෙද්ද , බැනියම හැඳ සිටි යටියන මහතා දෙස බැලූ කළමනාකරු පැවසුවේ, “අනේ තමුසෙ ගන්න ජගුවර්” යනුවෙන් ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඒ අනුව එවකට මෙරටට ගෙන්වා තිබූ ජගුවර් රථ තුනම එවෙලේම සල්ලි දී මිලදී ගත් යටියන මහතා, එය මාතර යටියන වලව්වට රැගෙන ගොස් තිබෙනවා.


යටියන වලව්වේ අත්භූත දේවල් පිළිබඳව ප්‍රදේශයවාසීනි ගේ අදහස්

යටියන වලව්වේ ගල් පෙරේතයෙක් සිටින බවට ජනප්‍රවාදයක් පැවතගෙන එනවා.එහි කියවෙන්නෙ යටියන වලව්වේ ඉහළ මහලේ තිබෙන ගලකට තට්ටු කරාම එයින් ලේ වැගිරෙන බවයි.

තවත් සමහරක් අය පවසන්නේ මෙහි දහවල් කාලයේ මෙන්ම රාත්‍රී කාලයේද අමුතු සද්ද ඇසෙන බවයි.

බොහෝ දෙනෙක් මෙම යටියන වලව්වේ අත්භූත දේවල් සිදු වන බවට මත දැක්වුවත් ගම්වාසීන් සමහර දෙනා පවසන්නේ මෙහි කිසිදු එවැනි දෙයක් නොමැති බවයි.

යටියන මහත්තයාගේ හා ඔහුගේ බිරිය කඹුරුපිටිය හාමිනේගේ ද, ඔහුගේ පුත් ඩොනල්ඩ් රණවීර මහතාගේ ද, මුණුබුරන්ගේ ද සොහොන් කොත් යටියන නිවෙස ඉදිරිපිට සාදා තිබෙනවා.

අද වනවිට සිසිර ගිරි වලව්ව පාළු ස්ථානයක් බවට පත්වෙලා.

වසර තිහකට ආසන්න කාලයකින් කිසිවකු එහි පදිංචි වී සිට නැහැ. එම නිසාවෙන්ම මෙය ඉතා පාළු අබිරහස් ස්වභාවයක් උසුලනවා.

උපුටාගැනීමකි... 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top