Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
12
හුංගම ද්විත්ව ඝාතනය හොඳම යාළුවගේ වැඩක්... කලෙක සිට සැලසුම් කරලා... දකුණම භීතියට පත්කළ ද්විත්ව ඝාතනයේ ඇඟ කිලිපොළා යන අනාවරණය...

- හුංගම ද්විත්ව ඝාතනය හොඳම යාළුවගේ වැඩක්... කලෙක සිට සැලසුම් කරලා... දකුණම භීතියට පත්කළ ද්විත්ව ඝාතනයේ ඇඟ කිලිපොළා යන අනාවරණය...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

57 Views

වෙඩි පිට වෙඩි තබමින් රටම කැලඹූ ‘පාතාල වෙඩිල්ලේ‘ කිසියම් නිහඬතාවක් පෙන්නුම් කරද්දී ඉකුත් සතියේ හුංගම පොලිස් වසමේ සිදු වූ අමානුෂික ද්විත්ව ඝාතනයත් සමඟ කාගේත් අවධානය දකුණු පළාත වෙත යළි එල්ල විය.


ඒ එම ද්විත්ව ඝාතනයද කල්ලි දෙකක් අතර ඇති වූ සිදුවීමක් නිසා වූ බවට රාවයක් පැතිර යෑම නිසාය. හුංගම රන්න වාඩිගල ප්‍රදේශයේ සිදු වූ එම පුද්ගල ඝාතනයත් සමඟ එම ප්‍රදේශය භීතියෙන් ඇලළී ගියද එම ඝාතන කළවුන් සිද්ධියෙන් පැය 6ක් යන්නටත් මත්තෙන් කොටු කර ගැනීමට පොලිසියට හැකි විය.

ඒ නිසා පාතාලයේ ගිණුමට බැර වීමට ගිය මෙම ද්විත්ව ඝාතනය පෞද්ගලික ආරවුලක් නිසා සිදුවූවක් බවට අනාවරණය කර ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකිව ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී මෙම ද්විත්ව ඝාතනය කලින් කළ සැලැස්මකට අනුව සිදු කළ එකක් බවටද නිලධාරීන්ට තහවුරු වී ඇත. මෙහි තවත් විශේෂත්වය වන්නේ තම නිවෙසට ඇතුළු වූ පිරිසක් නිවෙසේ සිටි කාන්තාවක් සහ ඇගේ අනියම් සැමියා කපා කොටා ඝාතනය කළ බවට දුරකථන මඟින් පොලිසියට දැනුම් දුන් පැමිණිලිකාරියම එම සිද්ධියට ආධාර අනුබල දුන් බව කියමින් පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනීම නිසාය.

මෙම සිදුවීම එකිනෙක පෙළ ගැසෙන්නේ මෙලෙසය.


සිද්ධිය පොලිසියට වාර්තා වන්නේ ඉකුත් හත්වැනිදා අලුයම් කාලයේදීය. එක්තරා කාන්තාවක් 119 හදිසි ඇමැතුම් අංශයට දුරකථන ඇමැතුමක් දෙමින් පවසා ඇත්තේ මුහුණු ආවරණය කරගත් කණ්ඩායමක් තම නිවෙසට බලහත්කාරයෙන් ඇතුළු වී නිවෙසේ කාමරයක සිටි හිතවත් කාන්තාවක් සහ ඇගේ අනියම් සැමියකු බව කියන අයකු කපා කොටා ඝාතනය කොට පලාගිය බවය. 119 හදිසි ඇමැතුම් අංශයට ලැබුණු එම තොරතුරු ඒ සැණින් හුංගම පොලිසිය වෙත දැනුම්දීමත් සමඟ හුංගම පොලිස් ස්ථානාධිපති පුෂ්පකුමාර ඇතුළු කණ්ඩායමක් වහා රන්න වාඩිගල ප්‍රදේශයට පිටත්ව ගියේ සිද්ධියේ ඇත්ත නැත්ත දැන ගැනීමේ අටියෙනි.

බැලූ බැල්මට කිසියම් අපරාධයක සලකුණු ඈත සිටම පෙනෙන්නට වූ අතර නිවෙස තුළට ගිය නිලධාරීන් දුටුවේ නිවෙසේ කාමරයක දොරකඩ කාන්තාවක් මුණින් අතට වැටී සිටින අයුරුය. වැටී සිටි ඇය දෙස හොඳින් නිරීක්ෂණය කරද්දී ඇගේ සිරුර පුරා කැපුම් තුවාල රැසක් ඇති බවටද දක්නට ලැබිණි. මේ අතර ඇය සමඟ එම කාමරයේ සිටි පිරිමි පුද්ගලයාගේ සිරුරද බිම වැටී තිබූ අතර ඔහුගේ ගෙල කඳෙන් වෙන් වී තිබිණි. විමර්ශන ඇරැඹුණේ ඒ සමඟිනි.

නිලධාරීන්ගේ අවධානය එකවර යොමු වූයේ සිද්ධිය ගැන 119 හරහා පොලිස් හදිසි ඇමතුම් අංශයට දුරකථන ඇමැතුමක් ලබාදුන් කාන්තාව වෙතය. නිලධාරීන් ඇගෙන් සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු විමසන්නට විය. ඒ මේ සිද්ධිය ඇසින් දුටු තැනැත්තිය ඇය වූ නිසාය.

“මට රෑ දොළහට විතර වැසිකිළියට යන්න ඕන වුණා. මම පිටුපස්සෙ දොර ඇරලා එළියට ගියා. ඒත් එක්කම කවුදෝ කට්ටියක් මාව අල්ල ගත්තා. මම කෑ ගහන්න හදනකොටම උන් මගේ කට වැහැව්වා. ඒ අය මුහුණු වහගෙනයි හිටියේ. උන් මාවත් ඇදගෙනම ගෙට ඇතුළු වුණා. ඉන් පස්සේ තමයි උන් ගෙදර හිටිය ඔය දෙන්නව මරලා දාලා තිබුණේ.”
ඇගේ ප්‍රකාශය විමර්ශනයට කිසියම් සහායක් ලැබුණද නිලධාරීන්ට ඇය ගැනද කිසියම් සැකයක් ඇති විය. ඒ ඇයට මහ රෑ පිටුපස දොර ඇරගෙන වැසිකිළි යෑමට අවශ්‍යතාවක් හදිසියේ ඇති වීම නිසාය.

“ගෙදරට ආවේ කවුද කියලා තමන්ට හඳුනගන්නට බැරි වුණාද” නිලධාරීහු නැවත නැවත ඇගෙන් විමසූහ.

“ඔව් මහත්තයෝ හතර වටේම කළුවරයි. අනෙක, උන් සේරම මුහුණු වහගෙන හිටියේ. අතේ ආයුධ තිබුණා. මමත් හොඳටම බය වෙලා හිටියේ.”

ඇය මුලින් කී දේම නැවතත් කීවාය. ඒත් නිලධාරීන්ට ඇය ගැන ඇතිව තිබූ සැකය පහව ගියේ නැත. ඇය අපරාධකරුවන්ට නිවෙසේ දොර විවර කර දුන්නේද යන සැකය නිලධාරීන් තුළ විය.

ඉන් අනතුරුව නිලධාරීහු මරා දැමූ දෙදෙනා හඳුනාගැනීමට කටයුතු කළහ. මරා දැමුණු කාන්තාව 26 හැවිරිදි ඉමේෂා මධුභාෂිණී නමැත්තියක් වූවාය. ඇය කුඩාවැල්ල ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇය සමඟ කාමරයේ සිටි පුද්ගලයා පසිඳු හේෂාන් නමැත්තෙකි. බොහෝ දෙනා ඔහු හඳුන්වනුයේ ‘බෝ පසිඳු‘ යන අන්වර්ථ නාමයෙනි. ඔහු විසි අට හැවිරිදිය. ඔහු හුංගම බටඅත උතුර පදිංචිකරුවෙක් විය. විමර්ශනයේදී හෙළිවන්නේ ඉමේෂාත් බෝ පසිඳුත් අතර අනියම් සබඳකමක් තිබූ බවය.

නිවෙස හිමි කාන්තාවගේ සැමියා මේ වන විට සිටින්නේ මත්ද්‍රව්‍ය ජාවාරමකට වරදකරු වී රක්ෂිත බන්ධනාගාරගතවය. ඇය දරු තිදෙනා සමඟ එම නිවෙසේ ඉස්සරහ කාමරයක නතර වී සිටින අතර ඉමේෂාත් බෝ පසිඳුත් එදින රාත්‍රිය ගත කර ඇත්තේ නිවෙස තුළ ඇති වෙනත් කාමරයකය.

නිලධාරීහු මියගිය දෙදෙනා සම්බන්ධයෙන් ගෙහිමි කාන්තාවගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන්නට වූහ. ඒ ඔවුන් කවුද? එම නිවෙසට පැමිණියේ මන්ද යැයි දැන ගැනීමටය. එහිදී අනාවරණය වන්නේ ඉමේෂා එම නිවෙසට පැමිණ ඇත්තේ සිද්ධියට දින හතරකට පෙර බවය. ඊට පෙර බෝ පසිඳු සිට ඇත්තේ රක්ෂිත බන්ධනාගාරගතවය. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඔහු පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබීම ඊට හේතුව විය.

ඉකුත්දා එම සිද්ධියට ඔහුට ඇප ලැබුණේය. ඉන් අනතුරුව ඔහු ඉමේෂා සොයා වාඩිගල මෙම නිවෙසට පැමිණ ඇත. ඔවුන් ඝාතනය වන්නේ එසේ රැඳී සිටියදීය.

ඊට පෙරද බෝ පසිඳු රක්ෂිත බන්ධනාගාරගතව සිටි අයෙක් විය. ඒ වෙඩි තබා සිදු කළ මිනිස් ඝාතනයකට චෝදනා ලැබීම නිසාය. එම සිදුවීම වාර්තා වී තිබුණේ හුංගම පොලිස් වසමේ කහඳමෝදර ප්‍රදේශයෙනි. අනියම් පෙම් පළහිලව්වක් මුල් කරගනිමින් එම ඝාතනය සිදුව තිබිණි. සිද්ධියෙන් ඝාතනය වන්නේ බෝට්ටුකරුවෙකු වූ ‘චණ්ඩි‘ නමැත්තෙකි.

චණ්ඩි මෙන්ම බෝ පසිඳුද මිතුරන්ය. චණ්ඩි පදිංචිව සිටියේ කහඳමෝදර ගමේය. මිතුරුදම ඇතිවන්නට පෙර සිටම බෝ පසිඳු අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය අසල පදිංචිව සිටි කාන්තාවක් සමඟ අනියම් ඇසුරක් පවත්වාගෙන ගොස් තිබිණි.

දිනක් බෝ පසිඳු ඇය හමුවීමට යද්දී අතරමඟදී චණ්ඩි මුණගැසුණේය. දෙදෙනා විනාඩි 45ක් පමණ තොරතුරු කතා කරමින් සිට ඇති අතර මොහොතකට පසු පසිඳුට සිය පෙම්වතියට දුරකථන ඇමැතුමක් ගැනීමට අවශ්‍ය වී ඇත.

ඒත් පසිඳුගේ දුරකථනයේ ඒ සඳහා ප්‍රමාණවත් මුදලක් තිබී නොමැත. අවසානයේ චණ්ඩිගේ ජංගම දුරකථනය ඉල්ලා ගත් පසිඳු සිය පෙම්වතියට ඇමැතුමක් ගත්තේය. ඇය ඊට එකවර දුන් පිළිතුර ගැන පසිඳුට කිසියම් සැකයක් ඇති විය. ඇය එම පිළිතුරදී තිබුණේ එම ඇමැතුම චණ්ඩි විසින් ඔහුගේ දුරකථනයෙන් ලබාගත් බව සිතූ නිසාය.

පසිඳු සැකය ගැන කිසිත් නොඅඟවා චණ්ඩිට දුරකථනය දී සිය පෙම්වතිය හමුවීමට ගොස් දුරකථනයට දුන් පිළිතුර ගැන කරුණු කාරණා විමසුවේය. චණ්ඩි සහ පසිඳු මිතුරන් බවත් පසිඳු දුරකථන ඇමැතුම තමාට රැගෙන තිබුණේ චණ්ඩිගේ දුරකථනයෙන් බවත් ඇය දැනගත්තේ එවිටය. පසිඳුගේ ප්‍රශ්න කිරීම් හමුවේ කරන්නට දෙයක් නොවූ තැන පෙම්වතිය කිසිත් නොදන්නියක් සේ මුනිවත රැක්කාය. එහෙත් තම පෙම්වතිය චණ්ඩි සමඟද අනියම් සබඳකමක් පවත්වන බව වටහාගත් පසිඳු චණ්ඩි සමඟද ආරවුලක් ඇති කරගත්තේ එතැන් පටන්ය.
දිනක් පසිඳු මේ ගැන චණ්ඩිගෙන් විමසුවේය. එම අවස්ථාවේ චණ්ඩිගේ මිතුරකු පසිඳුට තර්ජනය කරමින් ඔහු මරා දමන බව කීවේය. ඒ සමඟ පසිඳු නිහඬව එතැනින් මාරු වූ අතර මේ නිසා චණ්ඩි කෙරෙහි ඇතිව තිබූ වෛරය තමත් තීව්‍ර විය.

අඳුපැලෑනේ බිංදු බෝ පසිඳුගේ මිතුරෙකි. ඔහුට බිංදු හඳුනා ගැනීමට හැකි වූයේද කිසියම් වරදකට හිරේ සිටියදීය. චණ්ඩිට පාඩමක් ඉගැන්විය යුතු යැයි තීරණය කළ පසිඳු අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයට ගොස් බිංදු හමුවී උදව්වක් ඉල්ලුවේය.

මේ දෙදෙනාම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වූවන් බව පොලිසිය තිබීය.

“මට හදිසියකට වෙපන් එකක් හොයලා දීපන්“පසිඳුගේ ඉල්ලීමට අනුව බිංදු ඔහුට ටී- 56 වර්ගයේ උණ්ඩ යොදන ටී – කටස් වර්ගයේ ගිනි අවියක් සොයා දුන්නේ තිබුණු මිතුරුකම නිසාය. ගිනි අවිය ලබාගත් පසිඳු සිය හතුරා වූ චණ්ඩි ඝාතනය කිරීම සඳහා සැලසුමක් සකස් කළේය.

ඒ ඉකුත් 2024 මාර්තු මස 6 වැනිදාය. කහඳමෝදරදී චණ්ඩි සහ පසිඳු අතර හමුවක් ඇති විණි.  එහිදී තම පෙම්වතිය සමඟ  ඇති අනියම් ඇසුර ගැන විමසමින් පසිඳු කෑමොර දෙද්දී එය ආරවුලක් දක්වා දුරදිග ගියේය. එය අවසන් වූයේ පසිඳු සිය ඉණේ සඟවාගෙන සිටි ටී කටස් අවිය රැගෙන චණ්ඩිට වෙඩි තැබීමත් සමඟය.  චණ්ඩි එතැනම මැරී වැටුණේය.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අරඹනු ලැබුවේ හුංගම පොලිසිය විසිනි. ඉන් අනතුරුව එවකට තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි  කේ.බී. කීර්තිරත්න විසින් එම විමර්ශන සඳහා කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයද එක්කර ගත්තේය.

එහි ස්ථානාධිපති චන්ද්‍ර ජයවික්‍රමගේ  මෙහෙයවීම මත සිදුකෙරුණු විමර්ශනයත් සමඟ වෙඩි තැබීමෙන් දින දෙකකට පසු පසිඳු රන්න කට්ටකඩුව ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගැනීමට නිලධාරීන්ට හැකි විය.  ප්‍රශ්න කිරීමෙන් පසු චණ්ඩිට වෙඩි තැබූ ටී-කටස් ගිනි අවියද සොයා ගැනිණි. තමා සබඳකම් පවත්වන කාන්තාව සමඟ චණ්ඩි අනියම් ඇසුරක් පැවැත්වීම නිසා ඔහු ඝාතනය කළ බව පසිඳු පොලිස් ප්‍රශ්න කිරීමේදී කීවේය. කල්යෑමේදී බිංදු සහ පසිඳු  අතරද දැඩි අමනාපකමක් ඇති විය. ඊට මත්ද්‍රව්‍ය  ආරවුල ක් මුල් වූ බවට පොලිසියේ සැකය විය.

කෙසේ වෙතත් මෙම වෙඩි තැබීම බන්ධනාගාරයේ සිටි බිංදුද  දැන සිටියේය.  පසිඳු කළ ක්‍රියාව ගැන බිංදු සිටියේ තරහිනි. ඒත් පසිඳුට  එරෙහිව කිසිදු පියවරක් ගැනීමට බිංදුට හැකි වූයේ නැත. ඒ ඔහු බන්ධනාගාරයේ රඳවා සිටි නිසාය. බිංදු පසිඳු කෙරෙහි ඇතිකරගෙන තිබූ විරසකය ද කෙමෙන් කෙමෙන් උග්‍ර විය.  මේ නිසා බිංදු තමා ඝාතනය කිරීමට උත්සාහ ගන්නා බවද පසිඳුට  තොරතුරු ලැබී තිබිණි. බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස්ව පැමිණි පසිඳුට ඊට මාස කිහිපයකට පසු රන්න වාඩිගල ප්‍රදේශයේදී පහරදීමක්ද සිදුවූයේ එම ආරවුලේ ප්‍රතිඵලයක් ලෙසය. එහිදී එල්ල වූ පොරෝ පහරක් හේතුවෙන් පසිඳුගේ  හිස තුවාල වී මාසයකට අධික කාලයක් කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර පවා ලබාගෙන තිබිණි. මේ සම්බන්ධයෙන් බිංදුද අත්අඩංගුවට පත්විය.

ඉන් අනතුරුවද මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධවද වරදකට චෝදනා ලැබූ පසිඳු යළි රක්ෂිත බන්ධනාගාරගතව සිට ඉකුත්දා නිදහස්ව පැමිණියේය. ඉන් අනතුරුව ඔහු අනියම් ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගිය බව කියන ඉමේෂා සමඟ බන්ධනාගාරගතව  සිටි අයකුගේ වාඩිගල නිවෙසට පැමිණ රැඳී සිට ඇත්තේ බිංදුගෙන් එල්ලවන තර්ජනවලින් මිදීම සඳහාය. 

“අපි හෙට පාන්දරින් කොළඹ යනවා. එහේ බෝඩිමක් හොයලා බලලයි තියෙන්නේ. පාන්දරින් නැඟිටින්න ඕනෑ.”පසිඳු නිවෙස් හිමි කාන්තාවට එලෙස පවසා ඇත්තේ ඊට පසු දිනම කොළඹ බලා යෑමේ අදහසිනි. ඒ ඔහු තුළ බිංදු කෙරෙහි තිබූ සැකය නිසාය.  මෙවන් තොරතුරු ලද විමර්ශන නිලධාරීන් පසිඳු ඝාතනයට බිංදු ගැන සැකයක්ද ඇති කරගත් අතර ඒ සම්බන්ධයෙන් නිවෙස් හිමි කාන්තාවගෙන්  කරන ලද ප්‍රශ්න කිරීමේදී ඇය ඔහු සම්බන්ධයෙන් කිසිවක් මුලින් අනාවරණය නොකිරීම විමර්ශනයට මහත් බාධා ගෙනදුන්නේය.

එහෙත් විමර්ශන අත්නොහළ නිලධාරීන්  නිවෙස් හිමි කතගේ ජංගම දුරකථනය ඔස්සේද විමර්ශනයක් ඇරැඹූ අතර දිගින් දිගටම  කරන ලද ප්‍රශ්න කිරීමෙන් පසු පසිඳු ඝාතනයට බිංදුගේ සබඳකමක් ඇති බව නිලධාරීන් විසින් අනාවරණය කර ගත්තේය.

එම විමර්ශනයේදී නිලධාරීන් හෙළිකර ගත්තේ  බෝ පසිඳු  එදින රාත්‍රියේ ඉමේෂා සමඟ වාඩිගල නිවෙසේ නවාතැන්ගෙන පසුදා ඉන් පිටව යෑමට සූදානමෙන් සිටින බව බිංදු ඇතුළු කණ්ඩායම කෙසේ හෝ දැනගෙන ඇති බවකි.  ඒ අනුව  බෝ පසිඳු  ඝාතනය කිරීම සඳහා සැලසුම් සකස් වී ඇත.

අවි ආයුධ අතට ගත් පස් දෙනකුගෙන් සැදුම්ලත් කණ්ඩායම වාඩිගල එම නිවෙසට කඩා වැදී පසිඳු පමණක් නොව ඔහුගේ අනියම් පෙම්වතියද කපා කොටා මරා දමන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. ඒ අනුව  පොලිස් විමර්ශකයන් පවසන්නේ නිවෙස් හිමි කාන්තාව වැසිකිළි යෑමට බව කියමින් රාත්‍රි දොළහට පමණ නිවෙසේ පිටුපස දොර විවර කළ මොහොතේ කිසිවකු ඇය අල්ලාගෙන ඇති අතර  ඇයද සමඟ සෙසු අයද  නිවෙස තුළට කඩා වැදී ඇති බවකි.

කෙසේ වෙතත් මුලින් මුලින් කිසිවක් නොකීවත් ඇය රඳවාගෙන ප්‍රශ්න කිරීමේදී බෝ පසිඳු ඝාතනයේ  තොරතුරු රැසක් හෙළි වී ඇත. අවසානයේ බලධාරීන් ඇයව ද අත්අඩංගුවට ගත්තේය. ඒ ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනාව මතය.

සිද්ධිය වන විට නිවෙසේ පිටුපස කාමරය වසා දමා තිබිණි. පිටතින් ඇසුණු ශබ්දයත් සමඟ වසා තිබූ කාමරයේ දොර යාන්තමට  විවර වී ඇත. කාමරය ‍‍‍තුළ සිටි ඉමේෂා ඉන් එබී බලා ඇත්තේ ඒ අතරය. එය දුටු ඝාතකයන් නිවෙස් හිමි කාන්තාව අතහැර ඉමේෂා දෙසට පැන ඇය අල්ලාගෙන ඇයට කඩු, මන්නාවලින් පහරදී ඇති අතර ඒ සමඟම කාමරයේ  සිටි බෝ පසිඳු ඇඳක් මත තිබූ මෙට්ටය ඔසවා ඊට වහන් වුවද ඝාතකයන් ඔහු වට‍කරගෙන මන්නා පහර දෙන්නට විය. ඒ වන විටත් ඉමේෂා කපා හෙළුෑ කෙසෙල් කඳක් මෙන් කාමරයේ දොරකඩ අසලම වැටී සිටියාය.

පසිඳුට  පහරදුන් පිරිස ඔවුන් ගෙනා ආයුධද රැගෙන විවරව තිබූ පිටුපස දොරෙන් පැන ගිය අතර ඉමේෂාට පහරදුන් පිරිස කාමරයේ ජනේලයක් කඩාගෙන එළියට පැන ගොස් තිබිණි. ඔවුනට කාමර  දොරෙන් පලායෑමට නොහැකිව ඇත්තේ ඉමේෂා දොර හරස්කොට මැරී වැටී සිටි නිසා බව කියයි.

මෙම තොරතුරු මත මෙම ද්විත්ව ඝාතනයට බිංදු ඇතුළු කණ්ඩායමක් සම්බන්ධ බවට නිලධාරීන් තහවුරු කරගත් අතර අවිගත් එම ඝාතකයන් සොයා හුංගම පොලිසිය මෙන්ම තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීන්ද ඉන් අනතුරුව විමර්ශන සිදුකරන්නට වූහ. මේ සඳහා පොලිස්  විශේෂ කාර්ය බළකායද එක්ව සිටි අතර ඒ සමඟම  පොලිසියට ලද තොරතුරක් මත ද්විත්ව ඝාතනයේ ප්‍රධාන සැකකරු බව කියන බිංදු නමැත්තා තියුණු ආයුධයක් සහ දුරකථන දෙකක්ද සමඟ රත්න ප්‍රදේ‍ශයේදී අත්අඩංගුවට ගැනීමට නිලධාරීන්ට හැකිව ඇත.  ඒ සිද්ධියෙන් පැය 6ක් යන්නටද මත්තෙන්ය.

ඔහුගෙන් ලද තොරතුරකට අනුව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීන් ඉන් අනතුරුව ඝාතනයට පැමිණි තවත් දෙදෙනකුද ආයුධ සමඟ අත්අඩංගුවට  ගෙන තිබිණි.

කරන ලද ප්‍රශ්න කිරීමේදී ගෙහිමි කාන්තාව ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු රැසක් හෙළිකර ඇත. ඒ අනුව හෙළිවන්නේ බන්ධනාගාරගතව සිටින ඇගේ සැමියාද සැකකාර බිංදුගේ ද සමීපතමයකු බවය.  ඝාතනයට ලක්වූ පසිඳු සහ බිංදුද කලක්  මිතුරන්ව සිට ඇති බවත් පසුව සිදුවූ මත්ද්‍රව්‍ය ජාවාරම, මිනිස් ඝාතන සහ  අනියම් පෙම්වතිය සම්බන්ධයෙන් දෙදෙනා අතර ඇති වූ  ආරවුල හේතුවෙන් පසු පසිඳු  ඝාතනය කිරීමට බිංදු ඇතුළු කණ්ඩායමට අවශ්‍යතාවක් ඇති වී ඇති බවත් විමර්ශනයේදී හෙළිවී තිබේ.

ද්විත්ව ඝාතනයට අත්අඩංගුවට පත්වූ බිංදු නමැත්තාට එරෙහිව මිනීමැරුම් චෝදනා ඇති බවත් මැරුම් කෑ බෝ පසිඳුටද එරෙහිවද එවන් චෝදනා තිබෙන බවත් පොලිසිය කියයි.

සැකකරුවන් තිදෙනකු සහ සැකකාරිය අඟුණුකොළපැලැස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 22 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.
පොලිස් පරීක්ෂණ ඇසුරෙනි.
කීර්ති මෙන්ඩිස්
• ඡායාරූප : විසල් ද සොයිසා
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top