නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය පවසන්නේ, ෆේස්බුක් පිටු සහ වෙබ් අඩවි කිහිපයක් අමාත්‍යවරයාගේ සහ ඔහුගේ කාර්ය මණ්ඩලයේ, පවුලේ සහ වෘත්තීය කීර්ති නාමයට මෙන්ම ඔහුගේ දේශපාලන චරිතයට හානි කරන ගොතන ලද කථා, සංස්කරණය කරන ලද ඡායාරූප සහ නොමඟ යවන අන්තර්ගතයන් ප්‍රකාශයට පත් කර ඇති බවයි.
අංක 20039516 යටතේ ගොනු කර ඇති මෙම පැමිණිල්ලෙන්, අදාළ පුද්ගලයින් සහ සමාජ මාධ්‍ය පිටු විමර්ශනය කර නීතිමය පියවර ගන්නා ලෙස CIDයෙන් ඉල්ලා තිබෙනවා.
පැමිණිල්ලේ නම් කර ඇති අය අතර නිමන්ත පෙරේරා, දුමිඳු ජයසූරිය, කේ ඩබ්ලිව් පද්මසිරි, මංජුල පෙරේරා, රන්නු ජෑස්, තුෂාරි පතිරාජ, පාලිත දේවසිරි, රසිකා විකුම්ප්‍රිය, ප්‍රනාන්දු ඉනෝකා සහ “ගම්පහ පොදු ජන හඬ” ෆේස්බුක් පිටුවද තිබෙනවා.