Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
26
මියගිය පියා නැවතත් තම දියණියගේම කුසින් මෙලොව එළිය දුටු හැටි

- මියගිය පියා නැවතත් තම දියණියගේම කුසින් මෙලොව එළිය දුටු හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

161,843 Views
"අම්ම දන්නවද  මම මැරුණේ මේ ළිඳ ළඟදී කියලා."
"මම වේදනාවෙන් විලාප දුන්නා. ඒත් කව්රුවත් ආවේ නැහැ."
 
මියයාමෙන් වසර තුනකට පසු තමාගේම දියණියගේ කුසෙහි ඉපදුණු පියෙක් පිළිබඳ පුවතක් හිරු ගොසිප් අපට වාර්තාවුණා.

එම පුවත අප වෙත දිගහරිනු ලැබුවේ පර්යේෂණ නිලධාරි නීල් ජයතු සිරිවීර විසින්ය.

සමනලී ඇගේ දෙමව්පියන්ට උපන් හැඩකාර සහ හුරුබුහුටි දැරියකි.

ඇයගේ දෙමාපියන් වත්පොහොසත්කමින් ඉහළ මට්ටමක තිබුණු පොහොසත් පවුලක් විය.

දරුවන් නොමැතිව සිටි සමනලීගේ දෙමාපියන්ට ඇය ලැබුණේ විවාහයෙන් වසර හතකට පසුය. ඒ නිසා සමනලී දෙමාපියන්ට තම දෑස මෙන්විය.

උප්පත්තියේ සිට දුටුවන් දනවන සිනහවකින් ඇගේ මුව නිරන්තරව පිරී තිබිණි. සමනලීගේ විශේෂත්වය වූයේ ඉතා නිහඬව සියල්ල සාවදානව අසා ගෙන සිටීමය.
ඇයට වයස අවුරුදු නවය වනවිට හොද අවබෝධයෙන් ඇය කටයුතු කළේය.

දිනක් ඇය සිටින අවස්ථාවේ වත්තේ පොල් ගසක් කැපීමට පියා ගස්කපන්නෙකු රැගෙන පැමිණියේය. පියා සහ මව සමග සමනලීද ගස කපන ස්ථානයට ගියේය.
ගස් කපන්නා ගස කැපීමට සුදානම් වෙත්ම සමනලී උස් හඬින් පියාට ගස නොකපන්නයි කීවේය.

"තාත්ත කාගෙන් අහලද පොල් ගස් කපන්නේ.  තාත්ත හිටවපුව නොවෙයි. තාත්තට  ඕන  ඕන  විදියට කපන්න.අම්මේ තාත්තට එපා කියන්න."
 
දියණිය විනෝදයට කතා කියන නිසා මෙම කතාවද ඒ ආකාරයේ එකක් යයි සිතු පියා "කටවහගෙන ඉන්න දුවේ පොල් ගස පැරණියි, කොයි මොහොතේ සුළගට කඩාගෙන වැටේද දන්නේ නැහැ."යනුවෙන් පැවසුවා.

"අම්මේ අම්මට නේ වත්ත  අයිති පොල්ගස කපන්න දෙන්න එපා. හොදට පොල් කඩන්න පුළුවන්නේ. මොකටද කපන්නේ. තාත්තගේ වැඩවලට ඇඟිලි ගහන්න එපා දුවේ. ඒ වුණාට මම මේක කපන්න දෙන්නේ නැහැ."

පොල්ගස් කපන්නට පැමිණි මිනිසාට බැන වදින්නට විය.

"මේ ඔයාගේ නොවෙයි පොල් ගස්,  අපේ යන්න යන්න."

දෙමාපියන් පුදුම කරවමින් සමනලී විධාන කළේය.

මොකද්ද මේ ළමයට වෙලා තියන පිස්සුව කරුණාකරල ගෙදර යනවා. පියා ටිකක් සමනලිට සැර ලෙස පැවසුවේ දියණිය එම ස්ථානයෙන් ඉවත් කරන්නටය.

"තාත්ත යන්න මගේ පොල්ගස් මම කපන්න දෙන්නේ නැහැ"

දියණියගේ වේගවත් සහ කෝපාවිෂ්ටව කළ කතාව නිසා දෙමාපියන් පුදුම විය.

මෙම සිදුවීම නිසා දෙමාපියන් මහත්සේ බියට පත්වූයේ  සිට දියණිය සිදුකළ ක්‍රියාව තුළින් නොපෙනෙන කරුණු රාශියක් සැඟව ඇතැයි යන්න බැහැර කළ නොහැකි නිසාය.
දින කිහිපයක් යන තුරු සමනලී පාසල් ගොස් පැමැණි විගස පොල්ගස කපා ඇද්දැයි විපරම් කළේය.

මම ගිහිල්ලා බැලූවේ තාත්ත මම නැතිවෙලාවේ පොල්ගස කපලද කියලා ලෙස සමනලී විටින් විට සිය මවට පැවසුවාය.

"මොනවද දුවේ මේ කරන විකාර පොල්ගස් කපන්න දුවගෙන් අවසර ගන්න ඕනද ?

"අම්මේ මේව මගේ තාත්තගේ නොවෙයි. ඒක නිසා මගෙන් අහන්නේ නැතුව පොල් ගස් කපන්න එපා. කොහොමද දුවගෙ වෙන්නේ.  ඕයා තවම පොඩි ළමයෙක්නේ.
"පොඩි ළමයෙක් නොවෙයි. මේව ඔක්කෝම මගේ. මම මේ වත්තේ හැමතැනම ඇවිදලා තියනවා. ළිද ළඟ තිබුණු පැණිවරක ගහක් තාත්ත කපලා විකුණලා දැම්මා. කෙච්චර නරකද ඒ කළ දේ ?

ඔයා දන්නේ කොහොමද පැණිවරක ගහ ගැන ?

ඇයි මම දන්නේ නැත්තේ අම්මේ.

මේ සියල්ලම තුළින් පැහැදිලි වූයේ සමනලීට නිවස මෙන්ම වත්ත පිළිබඳවද අවබෝධයෙක් තිබෙන බවයි. එහෙත් ඒ අවබෝධය ලැබුණේ කෙසේද යන්න ඇයගේ දෙමව්පියන්ට ප්‍රශ්නයක් විය.

සමනලී විටින් විට කියන කතා නිසා වත්ත සහ දියණිය අතර ඇති සබදතාවයක් පවතින බව දෙමාපියන්ට අවබෝධ විය.

සමනලී ක්‍රමයෙන් පියාගෙන් දුරස් වන්නට විය.  පියා සමග පාසල් යාමට පවා අකමැත්තක් දැක්වීය. මේ පිළිබදව දියණියගෙන් විමසු විට ඇය කීවේ තාත්තට වැඩිය අම්ම හොදයි යනුවෙනි.

මොකද දුව තාත්තට ආදරේ නැද්ද ? යනුවෙන් මව විමසන විට සමනලී කියන්නට වූයේ "තාත්ත නපුරුයි නපුරු මිනිස්සුන්ට මම ආදරේ නැහැ" යනුවෙනි.

සමනලීගේ විවිධ ක්‍රියාකාරකම් සමඟම ඇය තුළ යම්කිසි ආකාරයේ අපහැදිළි පෙර භවයේ තොරතුරු සැඟව පවතින බව දෙමාපියන්ට අවබෝධ විය.

එහෙත් ඒ ගැන දියණියගෙන් විමසීමට සුදුසු වයස නොවන නිසා නිහඬව සිටින්නට දෙමාපියන්ට සිදුවිය.

සමනලී නිවස සහ වත්ත පිළිබද තොරතුරු හෙළිකිරිම නතර නොකළේය.

පොහොය දිනක පන්සලට දානයක් පිරිනැමීමට දෙමාපියන් සුදානම් විය. පන්සලට ගිය පසු අවට පරීක්ෂාකාරී ලෙස ඇවිදිමෙන් සිටි සමනලී පන්සලේ බිත්තියේ  ඇති ඡායාරූපයක් පෙන්වමින් එහි සිටින්නේ වසර විස්සකට පෙර පන්සලේ නායක ස්වාමීන්වහන්සේ බවත් අපවත් වූයේ අසනීපයෙන් සිට බවත් හෙළිකළේය.

එම ඡායාරූපය බලා විස්තර පැවසිම සැබෙවින්ම විස්මය දනවන්නක් වූයේ නායක ස්වාමින් වහන්සේ සමනලී උපදින්නට බොහෝ කලකට පෙර අපවත් වු බැවිණි.

සමනලීගේ කතාවෙන්  පැහැදිලි වූයේ සමනලී මේ ගම්මානයේම පෙර භවයේ උප්පත්තියක් ලබා ඇති බවය.

සමහර අවස්ථාවන්හීදී නිවසේ විවිධ ගස්වල නාමයන් සහ ඒවා සිටුවා ඇත්තේ කුමන කාලයේද යන්නද සමනලී පැවසීය. ඉතා පැරණි වත්තේ ගස් පිළිබදව තොරතුරු හෙළිකිරිමෙන් දෙමාපියන්ට පැහැදිළි වූයේ සමනලී පෙර ආත්මයේ පවුලේ සාමාජිකයෙකු හෝ ඥාතිවකු විය හැකි බවය.

මව සමග සිටින අවස්ථාවක සමනලී පියා පිළිබදව විස්මය දනවන කතාවක් පැවසීය.

අම්මේ අපේ ගෙදර ගොඩක් කාලයක් වසා දමල තිබුණ නේද ? දියණියගේ කතාවෙන්  මව  පුදුමයට පත්විය.

දුව දන්නේ කොහොමද ?

මම දන්නවානේ අම්මේ.ඉස්සර මම මේ ගෙදර හිටියේ.

දුවගේ සීයා නැතිවුණු නිසා ගෙදර වහලදාලා තිබුණේ. දුව කොහොමද මේ දේවල් දන්නේ ? මව ප්‍රශ්න කළේය.

සීයා මැරුණ තැන මම පෙන්නන්ද ?එන්න යන්න. දුවගේ මේ විස්තර කිරීම පුදුම සහගතවිය.

ඇය මව සමඟ වත්තට යන්නට විය.  මොකද්ද දුවේ කියන්නේ සීය මැරුණ තැන ඔයා දන්නේ කොහොද  ? මව විස්මයෙන් බලාසිටි අතර මවගේ අතින් අල්ලාගත් සමනලී වත්ත දිගේ පැරණි ළිඳ අසලට ගිහින් සියල්ල පෙන්වා තිබුණා.

 වත්තේ එක් කෙලවරක පිහිටි පැරණි ළිඳ ගරාවැටී තිබිණි. ජලය පැවතියද ළිඳේ ඡලය නොපෙනෙන ආකාරයට පාසී වැවී පිරී තිබිණි. අවට කුඩා පඳුරු වලින් පිරී පැවතිණි.

ළිඳ අසලට ගිය සමනලී මවට ළිඳ පෙන්වමින් පැවසූ දෙයින් සියලුදෙනාම පුදුමයට පත්විය.

"අම්ම දන්නවද  මම මැරුණේ මේ ළිඳ ළඟදී කියලා.
 
මෙතනින් යනකොට පඳුරක හිටිය නයෙක්  මගේ කකුල කෑවා. මම විලාප ගැහුවා. ඒත් කාටවත් ඇහුණේ නැහැ. "

එසේ කියමින් සමනලී නිවස දෙසට දිවයන්නට විය.මවද  බියපත්ව දියණිය පසුපසින් දිවයන්නට විය.  

රාත්‍රීයේ දෙමාපියන් සමනලී පිළිබඳව කතාබහක නියළුනු අතර ඇයට  පෙර ආත්මයේ පියාගේ යම් සබදතාවයක් ඇතැයි බියට පත්ව මනෝ වෛද්‍යවරයකු වෙතට යොමු කෙරිණි.

එහිදී සමනලී මෝහනයට ලක් කිරීමෙන් අනතුරුව පැවසුවේ පෙර ආත්මය ගැන පුදුම සහගත දේවල් කිහිපයකි.

"එදා වැස්ස දවසක්. වැස්සක් වහින්න ළඟයි. මම ඉක්මනින් ගෙදරට එනවා. ඒ වෙලාවේ මම ළිඳ ළඟ පොල් තිබිල මම ඇහින්දා. ඒ එක්කම සතෙක් මගේ කකුල කෑවා.මම දැක්කා නයෙක් මගේ ළඟ පෙනේ කරගෙන ඉන්නවා. ඊට පස්සේ මම දැක්කා  කකුලෙන් ලේ එනවා.  මම වේදනාවෙන් විලාප දුන්නා. ඒත් කව්රුවත් ආවේ නැහැ."
 
මේ තොරතුරු වලින් පැහැදිළි වූයේ සිය දියණිය පෙර ආත්මයේදී මවගේ පියා බවයි.

සමනලී විසින් සිය මරණය සිදුවූ අවස්ථාව ද මෙලෙස පැහැදිළි කර තිබුණා.

"මම වේදනාවෙන් දැඟළුව. මුළු ඇඟම වෙව්ලන්න ගත්තා. ඒක පාරටම මම ඉහළට ඇදිල ගියා."

ඊට පස්සේ මම ඉහළ අහසේ පාවී වී හිටියා. මෙසේ ඇය වසර තුනක් ඉපදීමට මව් කුසක් සොයමින් සිට  ඇති අතර මේ භවයේදී සමනලීගේ මව පියා මරණයට පත්වීම නිසා නිවසෙන් වසර තුනක කාලයක් බැහැරව සිට ඇති බව සඳහන්.

වසර තුනකට පසුව නැවත නිවසට පැමිණ ඇති අතර ඉන්පසුවයි සිය දියණියගේ කුසෙහි ඉපිද තිබෙන්නේ.

එසේම ඔහු තුළ පෙර ආත්මයේ පවති තණ්හාව නිසා දුවගේ කුස පිළිසිඳ ගනීමට අවස්ථාව ලැබෙන තෙක් සිට ඇති බවත් සමනලීගේ හැසිරීමෙන් පෙනුණා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top