Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
26
ගීතයෙන් කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා - වීඩියෝ

- ගීතයෙන් කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා - වීඩියෝHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15,159 Views
"දෙමාපියන් ,සහෝදරයන් ඒ සතුට විඳිනව දකිනකොට පුදුමාකාර සතුටක් දැනෙනවා."

සංගීත ලෝකයේ ගායකයෙක් ලෙස රසික හදවත්වල ගැඹුරුම ස්ථානයේ නම රැඳවු කලාකරුවෙක් ලෙස බාචී සුසාන් හඳුන්වාදෙන්න පුළුවන්.

ප්‍රසංග වේදිකාවෙන් ආක්‍රමණය කරමින් සංගීත කලාව තුළ සුවිශේෂ වූ වෙනස්කම් රැසක් සිදුකළ බාචී සමඟ හිරු ගොසිප් සුහද පිළිසඳරක යෙදුණා.

ඒ සොඳුරු මොහොතේදී සිදුකළ සාකච්ඡාවයි මේ.......

බාචී සුසාන් කියන්නේ කවුද ?

බාචී සුසාන් කියන්නේ කලාවට ආදරය කරන, දෙමාපියන්ට සහෝදරයන්ට, යාළුවන්ට ආදරය  කරන තමන්ට පුළුවන් දේ පුළුවන් විදියට කරන සංවේදි චරිතයක්.

ඔබේ කටහඬ ගැන නොයෙකුත් අය නොයෙකුත් දේ කියනවනේ. ඒ ගැන බාචී මොකද කියන්නේ ?

එක එක්කෙනාගේ රුචිකත්වය අනුව ඒ ඒ විදියට ඇහෙනවා. ඒකට හොඳ කියන අය ගැනත් නරක කියන අය ගැනත් මම නම් මුකුත් කියන්න නැහැ. ඒ අයට ඇහෙන, දැනෙන දේ තමයි ඒ අය කියන්නේ. මම උත්සාහ කරන ඒ හැමෝම හිතන විදියේ කෙනෙක් වෙන්න.
 
ඔබ ගීත ගායනා කරද්දි සීමාවන් පනවාගෙන තිබෙනවාද ?

එහෙම එකක් නෑ. මගෙන් හඬින් කරන්න පුළුවන් දේ මම උපරිම කරනවා. මනසින් කරන්න පුළුවන් දේ මම කරනවා. හිතේ එහෙම එකක් නෑ

ඔබට ඔබ ගැන ආඩම්බරයක් දැනුණු අවස්ථාවන් තියෙනවාද ?

එක ආඩම්බරයක්ද මොකක්ද කියල තේරුම් ගන්න බෑ. මම කරපු දේකට ඇගයීමක් ලක්වුණු වෙලාවක් කියලා හිතමු. එවැනි අවස්ථාවක දෙමාපියන්, සහෝදරයන් ඒ සතුට විඳිනව දකිනකොට පුදුමාකාර සතුටක් දැනෙනවා.

ගීතයක සංයමය කියන්නේ මොකද්ද ?

සංයමය කියන එකත් එකිනෙකාට වෙනස්. මට දැනේනේ ගීතයකට අවශ්‍ය කරන සංයමය. ගීතයක් නිර්මාණය වන්නේ මොන වගේ මාතෘකාවකටද ? එයට අවශ්‍ය කරන සංයමය ගායනයට දිය හැකි නම් මිනිස්සු ගොඩක් රස විදිනවා.

මුල්ම කාලේ ගීත ගායනා කරන්න පුළුවන් කියලා මුලින්ම කිව්වේ කවුද ?

පුංචි කාලේ ඉඳන් මම අහල තියෙන දෙයක් තමයි ගෙදර හැමෝටම සිංදු කියන්න පුළුවන් කියන දේ. සංගීතමය පරිසරයක ඉපදුණු නිසා ඔබට ගීතය කියන දේ මට බොහොම ළඟයි.

ගීතයට සමවදින එක. ගීතයෙන් කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා මේ සමාජයට. මමත් විවිධාකර ගීත ගායානා කර තිබෙනවා. ප්‍රසංග වේදිකාවෙන් නේ මම එන්නේ. ඒ නිසා විවිධාකාර ගීත ගායනා කරන්න වුණා.

මේ වෙද්දී මගේ මනසේ තියෙනවා සමාජයට හොඳ පණිවුඩයක් දෙන්න පුළුවන් ගීත ප්‍රේක්ෂකයන්ට දෙන්න.

බාචීගේ කොණ්ඩ මොස්තරය ගැන මොකද කියන්න තියෙන්නේ ?

ඒක ඉතින් මට පහසුම මෝස්තරේ තමයි. දැන් නම් මෝස්තරයක් නැහැ. මට පහසුවට කොටට කපාගෙන ඉන්නවා.

ඉස්සර ඉඳන්ම කැමතියි කොණ්ඩේ කොටට කපන් ඉන්න. කොණ්ඩේ ගොඩක් වැවුවම පීරන්න කරන්න මට අමාරුයි. මොස්තරේකටත් වඩා මට පහසුයි ඒ විදිය.

Hiru MegaStars ගැන මොකද හිතෙන්නේ ?

Hiru MegaStars පටන් ගත්තම මම කැමැත්තෙන්මයි සහභාගී වුණේ. හැබැයි මම හිතුවේ නෑ මේක මෙච්චර ලොකු වැඩක් කියලා. කාලය කළමනාකරණය කර ගන්න අපහසු වුණත් මම මේ වැඩසටහනෙන් මිදෙන්න උත්සාහ කළෙත් නෑ. හිතන්නෙත් නැහැ.

මට යම්කිසි දෙයක් කරන්න දොර විවෘතව තිබෙනවා නම් මට කරන්න පුළුවන් දේ කරන්න බලනවා.

බාචී සුසාන්ගේ ගායන හැකියාව මොහොතකට සටහන්වුණු වීඩියෝව පහතින්......



ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයන්ගේ හදවතේ සොඳුරුම ස්ථානයේ ලැගුම් ගත් හිරු ටීවී වෙතින් ඔබට තිළිණ කරන Hiru MegaStars සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 8.30ට නැරඹීමට හැකියාව තිබෙනවා.

එම "මහා තාරකා සංග්‍රාමය" හඳුන්වාදීමේ දිනයේදී ලබාගත් ඡායාරූප එකතුව මෙතැනින්.......
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top