තරුණ තරුණියන්ගේ ජිවිත අකාලයේ විනාශ කර ගන්නේ ඇතැම්විට හැඟීම් වලට වහල් වීමෙන් නැතහොත් නොදැනුවත්කම නිසාවෙනි.
මෙවැනි කාරණා නිසා අකාලයේ ලස්සන ජිවිතයක් මිලාන වී ගිය තරුණියෙක් විදෙස් ජාතිකයෙකුගේ ප්‍රේමය නිසා ජිවිතයම ජයගත් වාසනාවන්ත කතාවක් සති අන්ත පුවත්පතක මෙලෙස සඳහන් කර තිබුණා.
මහමෙරක් තරම් බලාපොරොත්තු මට නැහැ.එත් එයා මගේ ජීවිතෙත් එක්ක සෙල්ලම් කරාවි කියල මම හීනෙකින්වත් හිතුවේ නැහැ.
මම කොහොමද මගේ අම්මට මුහුණ දෙන්නේ ?මගේ නෑදෑයන් මට මොනවා නොකියාවිද ? යන ප්‍රශ්න වැලක් නිසංසලාගේ හද පාරවන්නටවිය.
මේ නිසා ඉමක් නොපෙනෙන මහා සාගරයට ජීවිතය පූජා කරන්නට සිතුවේ සියල්ල අවසන් කිරීමටය.
ඇය සිය තීරණය අනුව මුහුද දෙසට දිව්වේ සියදිවි නසා ගැනීමටය.නමුත් මුහුදු රකුසා නිසංසලා බිලි ගත්තේ නැත.
නිසංසලා පියවි සිහියට ආවේ රෝහලේ ඇඳ මතදීයි.මවගේ දෙනෙත් කඳුලින් තෙත්ව තිබුණේ නිසංසලා තව තවත් දුකට පත් කරවමිනි.
අනේ මගේ රත්තරන් දුවේ ඔයා මේ වගේ දෙයක් කර ගත්තේ ඇයි ? කියමින් මව දියණියගේ හිස අත ගන්නට වුණා.
නමුත් නිසංසලා විසින් මව වෙත නැගුවේ තවත් ප්‍රශ්නයකි. ඒ ඇයගේ රෝහල් ඇඳ අසල සිටගෙන සිටි සුදු ජාතික තරුණයෙකු නිසාය.
මව එවිට හඬමින් මෙලෙස පිළිතුරු දුන්නා.
දෙවියෙක් වගේ ඇවිත් ඔයාව බේරගත්තේ මේ සුදු මහත්තයා තමයි.
අනතුරුව ඔහු නිසංසලාගේ සුවදුක් විමසූ අතර ඇය කිව්වේ ස්තූතියි කියා පමණි.
මේ ආකාරයට තමයි සුදු ජාතිකයෙක් නිසංසලාගේ ජීවිතයට එකතු වෙන්නේ. මම කොයිතරම් අමතක කරන්න උත්සාහ කලත් මට මගේ අතීතය අමතක කරන්න බැහැ මහත්තයෝ. යනුවෙන් නිසංසලා සුදු ජාතිකයාට සඳහන් කළා.
ඇය තමන්ගේ ගෙවුණු කටුක අතීතය ගැන මෙලෙස පාපොච්චාරණය කළා.
අපේ පවුලේ හිටියේ මමයි, අම්මයි, තාත්තයි, නංගිලා දෙන්නයි සහ එක මල්ලි කෙනෙකුයි. අපේ තාත්තා අපිව ජීවත් කරන්න පුදුම වෙහෙසක් ගත්තා. ලොතරැයි ටිකට් විකුණන තාත්තා උදේට ගියාම හවසට තමයි ආපහු ගෙදර එන්නේ. ඒ එනකොට අපි කන්න කැමති කෑමත් අරගෙන තාත්තා එන්නේ.
හවස් වෙද්දී මල් කඩලා අපි සේරම එකතු වෙලා බුදුන් වඳිනවා. පාසල් ගිහින් එන මම ගෙදරට වෙලා පාඩම් කළා. කොහෙවත් ගියේ නැහැ. මට ඕන වුනේ රජයේ රස්සාවකට යන්න. මට අම්මලා විඳින දුක බලන් ඉන්න බැරිවුණා.
අලුත් අවුරුද්ද දවසේ වෙච්චදේ මට කවදවත් අමතක කරන්න බැහැ. එදා අපේ තාත්තා අපිත් එක්කම සතුටින් හිටියා. එදා හවස තාත්තා අම්මට කියලා ගියේ මන් මේ කිට්ටුවට යනවා කියලා. එත් තාත්තා එදා පණපිටින් ආවේ නැහැ මහත්තයෝ.
එදා ආරංචිවුනා කවුද කෝච්චියට පැනලා ඉස්පිරිතාලේ ගෙනෙහින් කියලා. ඒක අහලා අපේ අම්ම සිහි නැතුව වැටුණා. පොලිසියට ගියාම ඒ අපේ තාත්තා කියලා අඳුර ගන්න පුළුවන් වුණා.තාත්තා නැතිවුණු දවසේ ඉඳලා අපි ජීවත් වුණේ භාගෙට මැරුණු අය වගේ.මේ අතරේදී තමයි මට චන්දු අයියා හමුවෙන්නේ.
ඔයා මගේම කර ගන්නවා. භය වෙන්න එපා. මව විශ්වාස කරන්න. එයාට අපේ තාත්තාගේ පැත්තෙන් පොඩි නෑදකමකුත් තියෙනවා. එයා අපේ ඉස්කෝලෙට තමයි ගියේ. එයා බයිසිකලේ මවත් එක්කරගෙන සමහර දවස්වලට ගියා.
තාත්තා නැතිවුනාම අපේ අම්ම ටිකට් ලෑල්ල අරන් ටිකටි විකුණන්න ගියා. තාත්තා වගේම කළුවර වෙද්දී තමයි අම්මා ගෙදර ආවේ. ඊට පස්සේ තියෙන දෙයක් කාලා අපි නිදා ගන්නවා. හවසට අම්මා එනකම් මම නංගිලා මල්ලිය බලාගෙන ආච්චිලාගේ ගෙදර හිටියා.
චන්දු අයියා අපේ වැඩ කරගෙන හිට්යා. එයාට රස්සාවක් තිබුණේ නැහැ. ගමේ අය එක එක කතාවන් කියන්න ගත්තා. ඒ වුනාට එයා ර දේවල් ගණන් ගත්තේ නැහැ. හැබයි අම්මා දවසක මට කිව්වා. අපි ලජ්ජා භයට හදුන අය කියලා. දෙවියෙක් වගේ හිටපු තාත්තාට නරකක් කරන්න එපා කියල කිව්වා.
එක දවසක් ගෙදර කව්රුවත් හිට්යේ නැති දවසක චන්දු අයියා අපේ ගෙදර අවේ කලබලෙන්. එයා මගේ කාමරේට ගියේ එයාට ඔලුවේ කැක්කුමයි කියාගෙන. එයා මගේ ඇඳේ හාන්සිවෙලා කිව්වා එයාගේ ඔලුව අතගාන්න කියලා.
ටික වෙලාවක් යද්දී එයා මගේ උකුලට හාන්සිවුණා. මට ලොකු සනීපයක් දැනෙනවා කියල එදා එයා කිව්වා. එයා මගේ ඇස්දෙක දිහා ආදරෙන් බලාගෙන හිටියා. එයාගේ ඇස්දෙක මට ගොඩක් දේවල් කිව්වා. එයා මගේ අත අල්ලාගෙන පිරිමදින්න ගත්තා. එත් එක්කම ලොකු වැස්සක් වැටෙන්න ගත්තා.අකුණු ගහලා වහින්න ගත්තා. සීතලත් එක්කම මම එයාගේ තුරුලට ගොඩාක් ලංවුණා.
එදා එයා වැස්ස ඉවර වුණාට පස්සේ කිව්වා. ආයේ කවදාවත් මම තනි කරන්නේ නැහැ කියලා. ගොඩාක් දේවල් කියලා මට පොරොන්දුවුනා. මගේ ජිවිතේ ලස්සනම දවස ඒ විදියට ගෙවෙයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ. පොඩි මගුලක් ගන්න පොඩි ආශාවක් තිබුණා. ඒ සේරම දේවල් මම එයා ඉදිරියේ පූජා කළා.
එහෙම කරපු එයා කාලයත් ගතවෙද්දී එයා මාව මඟ හරින්න පටන් ගත්තා. එයා ඉඳහිට අපේ ගෙදර ආවා. එයා කැමැත්තෙන් නෙවි මගෙත් එක්ක කතා කළේ. මේ නිසා මන් කල්පනා කළා මූදේ පැනලා සියදිවි නසා ගන්න.
ඒ අතරේදී අම්මා ඇහුව්වා.අයියා එන්නේ නැත්තේ ඇයි කියලා. ඒ කොල්ලගෙන් මොනවහරි දෙයක් වුනාද කියලත් ඇහුවා.ඒ වෙද්දී අම්මට දැනිලා තිබුණා මට මොනවහරි කරදරයක් වෙලා තියෙනවා කියලා.
එදා මම ටිකට් කපලා ගෙදර ආවාට පස්සේ සුදු ජාතික මහත්තයා අපේ ගෙදර ආවා ගොඩක් තෑගී අරගෙන.
ඒ මහත්තයා අම්මට සල්ලි දෙනවා මන් දැක්කා. ඒවා නොගෙන අපි වෙන මොනවා කරන්නද ? මට ටිකක් ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්කම තිබුණා.
දවසක් ඒ සුදු ජාතික මහත්තයා තව එක්කෙනෙකුත් එක්ක අපේ ගෙදර අවේ මංගල යෝජනාවක් අරගෙන.
එයා අපේ අම්මට කිව්වා ඔයාගේ දුව විවාහ කර අගන්න මේ මහත්තයා කැමතියි කියලා. අම්මා මගේ මුහුණ දිහා බැලුවා. මම එක සැරේටම කිවා මම කැමති නැහැ කියලා. එදා එයාලා ගිහින් දවස් දෙකකට පස්සේ ආවේ අපේ තීරණය මොකද්ද කියලා අහන්න.
එදා රෑ අම්මා මට ගොඩක් දේවල් කිව්වා.
මම සල්ලිවලට කෑදර කෙනෙක් නෙවි. ඔයා අකමැති නම් කමක් නෑ. මට පුළුවන් ටිකට් විකුණලා කන්න දෙන්න.
එදාට පස්සේ එයා ආවා. එයාව අපි එක්කන් ලොකු හොටෙල් එකකට ගියා. සුදු මහත්තයා මවත් එක්කගෙන් වෙරළ පැත්තට යද්දී අම්මලා හෝටලේ කෑමට ඇතුලට ගියා. එදාට පස්සේ දවසේ එයා රට ගියාග
එයා මගේ ගිණුමට සල්ලි එව්වා. ඒ සල්ලිවලින් මම ලස්සන ගෙයක් තට්ටු දෙකට හැදුවා. ඒ වුණත් පරණ ගේ කඩලා දැම්මේ නැහැ. මොකද ඒ මගේ අතීතය.
හරියටම අවුරුද්දකට පස්සේ ඒ මහත්තයා අපේ ගෙදර ආවා. එදා අපි හොඳ උත්සවයක් තියලා දානෙකුත් දුන්නා තාත්තා වෙනුවෙන්. ඒ මාසේම ඒ සුදු මහත්තයයි මමයි විවාහ වුණා.
ඊට පස්සේ මම එයාගේ උපන් රටට ගියා. එයා මට පුදුම විදියට ආදරෙයි. මට ඒ තරම් ආදරයක් ලැබෙන්නේ නැහැ කාගෙන්වත්.
චන්දු අයියා මත්ද්‍රව්‍ය නිසා මැරුණා. එයාට මන් වෛර කරන්නේ නැහැ. ඒ වුණාට අද මම ලස්සනට ඉන්නවා. ඒ සුදු මහත්තයා නිසා. එදා මම මැරුණා නම් පාඩුව මගේ පවුලේ අයට විතරයි.
සුදු මහත්තයාගේ රට මට ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ නිසා එයා මෙහෙ හෝටලයක් හැදුවා. ඒක බලාගන්නේ මම. මම දුක්විඳලා ජිවිතේ දින්නා.