Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
24
ජයටම මගුල් කාපු මධුරිකාගේ මංගල රැයම අඳුරුවූ හැටි

- ජයටම මගුල් කාපු මධුරිකාගේ මංගල රැයම අඳුරුවූ හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

188,501 Views
"සමහර දවස්වලට අයිය මට කරදර කරනවා."
"මම අම්මට කියන්න බය වුණේ එයා අම්මට ගහයි කියලා."


ලිංගිකව සිදුවන කරදර හේතුවෙන් කාන්තාවන් විවිධ අපහසුතාවයන්ට ලක්වනවා.

මේ හේතුවෙන් ඇතැම් කාන්තාවන් සියදිවි නසා ගැනීම් සිදුකර ගැනීමට පවා පෙළඹුණු අවස්ථා ඕන තරම් තිබෙනවා.

එලෙස ලිංගික අතවරයකට ලක්වූ තරුණියක් තුළ ඇතිවූ දැඩි කම්පනයක් නිසා මේ භවයේදී විවාහ දිවිය නීරස වීමට ගිය පුවතක් පර්යේෂණ නිලධාරි නීල් ජයතු සිරිවීර විසින් හිරු ගොසිප් අප වෙත මෙලෙස අනාවරණ කළා.

උසස් සමාජ තලයක හැදී වැඩුණු දෙමාපියන් දෙපලකට මධුරිකා නමින් එකම දියණියක් සිටියා. අධ්‍යාපනය අවසන් වීමෙන් පසු ඇයට උසස් රැකියාවක් ලැබුණා. නමුත් ඇය තවදුරටත් උසස් අධ්‍යාපනය හැදෑරිම නතර නොකළේය.

නිසි වයස පැමිණියද ඇය විවාහය පිළිබද කිසිදු උනන්දුවක් නොදැක්වීය.

පෙම්වතෙකු සොයැගැනිමටද උනන්දු නොවීය.

බොහෝ තරුණයන් ඇයගේ ආදරය සොයා පැමිණියද මදුරිකා ඒ කිසිවකුට සිය ආදරය පිදීමට අකමැති විය.

මෙය දෙමාපියන්ට මහත් ප්‍රශ්ණයක් වූයෙන් විටින් විට ඒ පිළිබදව මධුරිකාගෙන් විමසුවද එයට කිසිදු හේතු සාධකයක් ඉදිරිපත් නොකළ ඇය නිහඬවිය.

අවසානයේදී දෙමාපියන්හට කීකරු වෙමින් ඇය විවාහ වූයේ ප්‍රසාදයකින් නොවේ.

සැමියාද සමාඡයේ ඉහළ මට්ටමේ රැකියාවක නියුක්ත විය.

එහෙත් විවාහයෙන් පසුව සමාඡ සම්මතය නිසා හොඳ අඹු සැමියන් ලෙසට සමාඡය හමුවේ පෙනි සිටියද ජීවිතය ඇතුළත නොපෙනෙන අඳුරු සෙවනැල්ලකින් වැසී තබිිණි.

මවක වීමට අකමැති වු ඇය  සැමියා සමග කිසිඳු ආකාරයකින් අඹුසැමියන් ලෙසට ජීවත්වීමට ද අකමැති විය.

ක්‍රමයෙන් මෙම අඳුරු සෙවනැල්ල මධුරිකාගේ දෙමාපියන්ට ද අවබෝධ වූයෙන් ප්‍රශ්නය විසඳීමට ඔවුන් දෙමාපියන් මහත් වෙහෙසක් ගනු ලැබුවද එය සාර්ථක නොවීය.

ක්‍රමයෙන් ඔවු නොවුන් අතර සාමය බිඳීයාම නිසා ආරවුල් ඇතිවිය.

එය විසඳීමට ගත් උත්සාහයන් නිසා අවසානයේදී මධුරිකා සැමියාගේ නිවසින් දෙමාපියන්ගේ නිවසට පැමිණියේය.

නිවසට පැමිණියද ඇයගේ මනස නිරවුල් නොවීය. රැකියාවට යාමට පවා අකමැති විය.

තනිව කාමරයක විසිමට කමැති වූ ඇය දෙමාපියන්ගේ ඇසුරෙන්ද ක්‍රමයෙන් දුරස්විය.

මෙය  මානසික ප්‍රශ්නයක් බව සිතූ දෙමාපියන්  මනෝවෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුකිරිමට තිරණය කළේය.

එහිදි හෙළිවූ තෙරතුරුවලින් පැහැදිළි වූයේ ඇය විවාහ වුවද ලිංගික ජීවිතය දැඩිසේ පිළිකුල් කළ බවය.

විවාහ වූ දා සිටම ඇය සැමියා සමග එකම කාමරයක නොසිටි බවද හෙළිවිය.

ලිංගික සබඳතාවයක් පිළිබඳව සිතු සැනින් ශරීරය දැවෙන බවත්  ඒ නිසා සැමියාගෙන් වෙන්ව සිටි බවත් හෙළිකිරීමෙන් පසු ඇය කුමක් හෝ මානසික පීඩනයකට හසුව ඇති බව පැහිදිළි වූයෙන් එම තත්ත්වය සොයාබැලිම සදහා මදුරිකා මෝහන ප්‍රතිගමනයට ලක් කෙරිණි.

එහිදී පැහැදිලි වුයේ  මෙවන් තත්ත්වයකට ඇය මුහුණ දෙන්නේ පෙර භවයේ සිදු වූ බහිසුණු සිදුවීම් පෙළක තැතිගැන්ම ඇයගේ මනසේ තැන්පත් වීමෙන් බව හෙළිවිය.

මනෝ වෛද්‍යවරයා හමුවේ මෝහනයට පත්වූ මධුරිකාගේ පෙර ආත්මයේ සිදුවූ අමානුෂික සිදුවීම් පෙළ පිළිබඳව මතකය අවදි කළේ මෙලෙසින්ය.

පෙර ආත්මයේ ඇය මංගලිකාය  ලෙසයි හඳුන්වා ඇත්තේ.

ඇය උප්පත්තිය ලබා ඇත්තේ කඳුකරයෙන් වටවූ ගම්මානයකය ඉතාමත් දුෂ්කර ජීවිතයකට උරුම කම්කියූ මංගලිකා ගේ  දෙමාපියන් බොහෝ දුරට වතුකම් කරුවන් වුවා විය හැකිය.

තේරෙන වයසේදීම ඇයට සිදුව ඇත්තේ නිවසේ සියලු කාර්යයන් කිරීමටය ඇයගේ පැහැදිලි කිරීමට අනුව මංගලිකා පාසල් ගොස් ඇත්තේ හත්වැනි වසර දක්වා පමණි.

එතැන් සිට  සිදුව ඇත්තේ නිවසේ වැඩ කරිමටය.

පසුකලෙක පියා ගේ මරණය පිළිබදව මංගලිකාට  ඇත්තේ සුඵ මතකයකි.

"මට මතකයි තාත්ත මැරිලා කියලා අම්ම අඩනවා. මමත් ඇඩුවා. ඒත් මම දැණෙගෙන හිටියේ නැහැ මැරුනේ කොහොමද කියලා. එතැන් සිට අම්මා සමඟ ඇය තනිවම නිවසේ ජීවත් වූ බව පැහැදිළිය."

"අපි වත්තේ එළවඵ වවලා විකුණන්න ටවුමට යනවා. ඒව විකුණල අපි හාල් පොල් අරන් එනවා. මම තමයි ඒව ගෙන එන්නේ. අම්ම මට පාට පාට රෙදි අරන් දෙනවා. ගවුමක් මහගන්න. ඒ නිසා මම අම්මත් එක්ක වවුමට  යනවා."

මෝහන ප්‍රතිගමනයේදි මංගලිකා  නිතර පියදාස යන වචනය හෙළි කළේය.

කවුද පියදාස කියන්නේ ඇය නිහඬව සිටි හඬ අවදි කළේය.

මංගලිකාගේ තොරතුරුවලට අනුව පියදාස මවගේ දෙවෙනි සැමියාය.

ඇය හෙළිකරන ආකාරයට නිරන්තරව ඇයට වදදෙන ලද්දේ මොහු විසිනි.

ඇයට නිරන්තරව එසේ පහර දෙන්නේ කුමක්නිසාද යන්නට හේතුව ලෙසට ඇය හෙළි කළේ මෙලෙසයි.

"මම හැමදාම ගෙදර වැඩකරනවා. ඒත් වෙලාවට මම උයල දෙන්නේ නැහැ කියලා ඉස්කෝලේ යන එකත් නතර කළා. කොව්චර වැඩ කළත් මට ගහනවා. අම්ම බැන්නම අම්මටත් ගහනවා." ඇය නිහඬව අඩන්නට විය.

"සමහර දවස්වලට පියදාස අයිය මට කරදර කරනවා. මම අම්මට කියන්න බයයි එයා අම්මට ගහයි කියලා."

මේ අනුව පැහැදිළි වූයේ ඇය පියදාස නම් පුද්ගලයාගෙන් ලිංගික අතවරයකට ලක්ව ඇති බවයි.

පැහැදිළිව එය ලිංගික බලහත්කාරකමක් වූ බැවින්  මංගලිකා  මානසික පීඩනයට ගොදුරු වී තිබුණා.

ඇය මවට නොකියාම නිවසින් පැන ගියේ මෙම වද බන්ධනයන්ගෙන් මිදිමටය.

එහෙත් මවගේ බලවත් ඉල්ලිම නිසා ඇය යළිත් නිවසට පැමිණයේය.

මේ අතරතුර මව රෝගාතුර වීම නිසා නිවසේ සියලු කටයුතු සිදුකිරිමට මංගලිකාට සිදුවිය.

ක්‍රමයෙන් මවගේ රෝගී තත්ත්වය උස්සන්න වූයෙන් ඇය මහත් වේදනාවට පත්වූයේ තමා ජීවිතයේ තනිවන බව අවබෝධ වීමෙනි.

ඇය මෝහන ප්‍රතිගමනයේදී පවසා සිටියේ මව රෝගාතුර වී සිටියද පියදාසගෙන් සිදුවන කරදරවල අඩුවක් නොවූ බවයි.

දැඩිසේ රෝගාතුරව සිටි මව මරණයට පත්වුයේ කිසිවකු නොසිතූ අවස්ථාවකය.

මවගේ මරණය නිසා ඇය දින ගණනක් නොකා නොබී අඬමින් සිටියේ  මව නොමැතිවීමෙන් තනිවන බව දැණිමෙනි.

මවගේ මරණයෙන් පසු පියදාසගෙන් සිදුවන අතවර අවසන් නොවීය.

ඥතින් ඇය ගෙන යන්නට සුදානම් වන අවස්ථාවන්හිදි පියදාස ඔවුන් සමග අරවුල් ඇතිකොට ගත්තේය.

පියදාසගෙන් සිදුවන කරදර එන්න එන්නම වැඩිවීමෙන් ඇය මහත්සේ දුකට පත්විය.

ඉන් ගැලවීමට මඟක් සොයමින් සිටි ඇය අවසානයේ නිවසින් පලා යාමට තීරණය කළේය.

මහ වැසි සහිත දිනක මංගලිකා  පියදාසට හොරෙන් නිවසින් පලාගියේ මරණයට වවුද මුහුණදීමේ අභිලාශයෙනි.

වැස්ස නිසා ඒ වනවිට ගම්මානය අසලින් ගලායන ගංගාව පිටාර මට්ටමට පැමැණිම නිසා සියලුම ඇල දොල පිරීගොස් තිබිණි.

වැසි මැද අඳුරේ ඇය ගිය ගමන අතිශයින්ම තීරණාත්මකවිය.

විදුලි කෙටීමේ එළියෙන් පිටාර මට්ටමට පැමැණි තිබූ ඇලෙන් ඇය එගොඩවීමට ගත් අත්සාහය අතිශයින්ම බිහිසුණුවිය.

ඡල රළ ඇය ඇදගෙන ගියේ ඇයගේ විලාප හඬ පවා යටපත් කරමිනි.

විදුලි කෙටීම් මහවැසි මැද මංගලිකාගේ ජීවිතය මහ ජලකඳ ගිලගත්තේය.

මේ සියල්ලම ඇය මෝහන ප්‍රතිගමනයේදි මනාව හෙළි කළේය.

මංගලිකාගේ ඊලඟ ආත්මයේ උප්පත්තිය සිදුවුයේ මධුරිකා නමිනි.

මධුරිකා පිරිමිින්ගේ ඇසුර හා ආදරය ප්‍රතික්ශේප කළේද, විවාහයට අකමැති වුයේද පෙර භවයේ මංගලිකා තම්න් උපන් ආත්මයේ මවගේ දෙවන සැමියාගෙන් සිදුවු ලිංගික හිරිහැරයන් නිසා ඇති වු මානසික පීඩනය හා තැතිගැන්ම දැඩි ලෙස මතකයේ රැඳීමෙන් එය ඊලග ආත්මයට රැගෙන යාමේ ප්‍රතිපලයක් වශයෙනි.
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top