විදෙස්ගතව සැඟවී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් දෙසීයක් පමණ ඉතා සූක්ෂම අයුරින් බිමට අතුරන මාබල් වැනි ගල් වර්ගයක් සමග මිශ්‍ර කර කන්ටේනර් පෙට්ටි තුළ සඟවා මෙරටට ගෙන්වා තිබෙන බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
එලෙස ගෙනා අයිස් මත්ද්‍රව්‍ය තොගය ඉතා රහසිගත ස්ථානයක සඟවා පකිස්තාන් ජාතිකයින් දෙදෙනකුගේ සහයෝගයෙන් රසායනික ද්‍රව්‍යයක් යොදා වෙන්කර තිබේ.
ඒ සඳහා පකිස්තානයේ සිට පැමිණි ඔවුන් දෙදෙනා තවමත් මෙරට රැඳී සිටින බවට ද තොරතුරු අනාවරණය වෙයි.
මෙම අයිස් මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වා ඇත්තේ පසුගිය දා ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට පත්වූ පානදුර නිලංග නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ අනුදැනුම මත වන අතර ඔහුගේ සහෝදරයකු ද මේ සඳහා සම්බන්ධ වී තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කංජිපානි ඉම්රාන්ට මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය ලබාදීමට කටයුතු සූදානම් කර තිබෙන බවට ආරක්ෂක අංශ විසින් අනාවරණ කර ගෙන ඇත.
පානදුර නිලංග අත්අඩංගුවට පත්වීමත් සමග මෙම අයිස් බෙදාහැරීමේ ක්‍රියාවලිය අඩපණ වී තිබේ.